DFCC බැංකුවේ කාඩ්පත් හිමියන්ට සුවිශේෂී නිවාඩු නිකේතන වට්ටම් සහ දීමනා එකතුවක්

46

DFCC බැංකුව තම ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන් වෙනුවෙන් නිවාඩු නිකේතන සහ සංචාරක ක්ෂේත්‍රය ආශ්‍රිත සේවාවන් සඳහා විශේෂ වට්ටම් සහ දීමනා එකතුවක් හඳුන්වාදී තිබේ.

මේ යටතේ දැනටමත් DFCC බැංකුව රට පුරා හෝටල් සහ නිවාඩු නිකේතන 80 කට වැඩි සංඛ්‍යාවක් සමග අත්වැල් බැඳගෙන සිටින අතර, මෙය DFCC ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ට තම ආදරණීයයන් සමග සතුටින් හා සැහැල්ලු‍වෙන් තම විවේකය ගතකිරීමට ලැබෙන මහඟු‍ අවස්ථාවක් වනු ඇත. මෙම නිවාඩු නිකේතනවලදී DFCC ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ට 55% ක් දක්වාම වට්ටම් හිමිවනු ඇති අතර, එම කාඩ්පත් භාවිතයෙන් ගෙවීම් සිදුකරන සෑම අවස්ථාවකදීම ඔවුන්ට 1% ක අමතර CashBack අමතර දීමනාවක්ද හිමි වේ.

advertistmentadvertistment
advertistmentadvertistment