මානසික රෝග සුවයට හෝමියෝපති ප්‍රතිකාර

369

වත්මන් සමාජයේ කාර්යබහුලතාවය, අසහනකාරිත්වය, සමාජීය ජීවන රටාව, සෞඛ්‍ය තත්ත්වය, වෘත්තීය පරිසරය නිසා බොහෝ දෙනෙකු මානසික ආතතියට ගොදුරු වෙමින් විශාදය වැනි මානසික රෝගි තත්ත්වයට පත්වීම කනගාටුදායක තත්ත්වයකි. කුඩා,තරුණ,මැදිවිය, සහ බහුතරයකට ඇතිවිය හැකි මානසික රෝගි තත්ත්වයකට ගෙනයන මාවත මානසික ආතතියයි.

මානසික ආතතිය යනු කුමක් ද?

මොළයේ ඇතිවන සිතුවිලි හා ශාරීරික ක්‍රියාවලියක් සඳහා සංඥා නිකුත්වීම සිදුවන්නේ ස්නායු මගින්. මෙම ස්නායු මගින් සන්නිවේදනය සඳහා නොයෙකුත් රසායනික ද්‍රව්‍ය අවශ්‍ය වෙනවා. මිනිස් මොළය තුළ පණිවිඩ රැගෙන යෑමේ ක්‍රියාවලියට දායකවන ස්නායු සම්ප්‍රේෂණ රසායනික සංයුතිය අසමබරව පැවැතීම ක්‍රමක්‍රමයෙන් විවිධ මානසික රෝග කාණ්ඩ සඳහා හේතු සාධක වනු ඇත.

මානසික ආතතිය පෙන්වන රෝගී ලක්ෂණ මොනවා ද ?

මෙය ප්‍රධාන ලෙස හැඟීම්වල නැත්නම් සිතුවිලිවල ඇතිවන වෙනස්වීම්, හැසිරීම් රටාවේ වෙනස්වීම, කායික රෝග ලක්ෂණ ලෙස මෙය කොටස් තුනකට බෙදිය හැකිය.

හැඟීම්වල ඇතිවන වෙනස්කම්

මතකය අඩුවීම, තීරණ ගැනීමේ හැකියාව අඩු වීම, අවධානය අඩු වීම, ආත්ම විශ්වාසය අඩුවීම, නිතර භය දැනීම, තරහා යෑම, ස්වාභිමානය හීනවීම, මානසික ඒකාග්‍රතාවය පවත්වා ගැනීමට අපහසු වීම, තමන් කරන කටයුතු පිළිබඳව සහ අනාගතය පිළිබඳ බියකින් පසුවීම, නිරතුරු තැතිගත් ස්වරුපයක් ඇතිවීම, නොරුස්සන සුළු ස්වභාවය යන ලක්ෂණය.

හැසිරීම් රටාවේ වෙනස්කම්

ආහාර අරුචිය හෝ අධික ලෙස ආහාර ගැනීමට පෙළඹීම, බොහෝ පැණිරස කෑම ගැනීමට පෙළඹීම, තමන්ගේ බාහිර පෙනුම ගැන උනන්දුව අඩුවීම. පැහැදිලිව කථා කිරීමට නොහැකි වී ගොත ගැසීම, හුදකලාව සිටීමට දැඩි කැමැත්තක් දැක්වීම, හැඬුම්බර ගතිය හා විශාද ලක්ෂණ ද මොවුන් තුළ පෙන්නුම් කරනවා.

කායික වෙනස්කම්

හිසරදය, ඉක්මනින් පීඩාවට පත්වීම, තොලකට වේළීම, නින්ද නොයෑම, අධික ලෙස දහඩිය දැමීම, හෘද ස්පන්දන වේගය වැඩිවීම, මුත්‍රා පිටවන වාර ගණන වැඩිවීම, බඩ පුරවා දැමීම, බඩේ දැවිල්ල, ඔක්කාරය, මස්පිඬු තද ගතිය දැනීම, කොන්ද කැක්කුම, බෙල්ල කැක්කුම, ඇඟපත බොහෝ රුදාව වැනි රෝග ලක්ෂණ ද තවත් සමහර අය තුළ ඇස්වල කර්ණිකාව විශාල වීම, ලිංගික ආශාවන් අඩුවීම, ඇඟිලි වෙව්ලීම, අත්පාවල ඇඟිලි හිරිවැටීම, සම මතුපිට දැවිල්ලක් ඇතිවීම ආදී ලක්ෂණ දැකිය හැකි වෙනවා.

මානසික ආතතිය ඇති වීමට හේතු සාධක

ජානවල ස්වභාවය, හෝර්මෝන වෙනස්කම්, දීර්ඝ කාලීන භාවිත කරන බෙහෙත් ද්‍රව්‍ය, වයසට යෑම මොළයට වන හානි, සමාජීය වටපිටාව මෙන්ම ඊර්ෂි්‍යාව පාලනය කර නොගැනීම ද මින් ප්‍රධානය.

තවද හදිසියේ ඇතිවන දරාගත නොහැකි කම්පාව ඇති කරන සිද්ධි ද බලපානු ඇත. එනම් මරණ, මුදල් පාඩු, ප්‍රියයන්ගේ වියෝවීම, ආදර සබඳතා බිඳී යෑම, සමාජය තුළ ඇති රෝග බිය, ආයතනයේ පාලකයන්ගෙන් වන බලපෑම, ගුරුවරුන්ගේ බැනුම් ද ඇතැම් පුද්ගලයන්ගෙන් තවත් පුද්ගලයන් සමච්චලයට ලක්වන ආකාරය, ලැජ්ජාවට පත්වන ආකාරය, දැඩි ලෙස විවේචනයට භාජනය වන ආකාරය, අන්අය ඉදිරියේ අවමානයට ලක්වීම වැනි දැනීම් තුළින් ද ලිංගික අපචාරවලට ලක්වීම නිසා ඇතිවන මානසික සංකූලතා ආතතිය ගෙනදීමට මූලික සාධක වනු ඇත.

එදිනෙදා ජීවිතයේ ” අප මුහුණ දෙන ගැටලු, ප්‍රශ්න, අසහනකාරී බව, තරගකාරීත්වය, බලාපොරොත්තු බිඳ වැටීම, අධික කාර්යබහුලත්වය, ඝෝෂාකාරී බව, අවිවේකී ජීවන රටාව, දරාගත නොහැකි වැඩ කන්දරාව අපට බොහෝ මානසික ආතතිය ඇති කරනවා.

මානසික ආතතිය වෙනත් රෝගවලට බලපෑමක් ඇති කරනවා ද?

බොහෝ දරුණු රෝග තත්ත්වවලට ගොදුරු වීමේ අවදානම මූලික සාධකය මානසික ආතතියයි. මේ අතර අධිරුධිර පීඩනය ඇතිවීම, හෘද රෝග, ආසාදනය, ගැස්ට්‍රයිටිස්, දියවැඩියාව වැනි රෝග තත්ත්ව ප්‍රධාන වෙනවා.

හෝමියෝපති මගින් සුව කරන්නේ කෙසේ ද?

මානසික ආතතිය මූලික පදනම් වෙමින් හටගත් කායික, මානසික හැඟීම්, හා හැසිරීම් රටාවේ වෙනස්කම් පෙන්නුම් කරන විවිධාකාර රෝග ලක්ෂණ හෝමියෝපති වෛද්‍ය ප්‍රතිකාරවල දී එයට මූලික වූ හේතු සාධක වූ මොළයේ රසායනික සංයුතිය වෙනස යථාතත්ත්වයට ගෙන දීමට අදාළ කරගැනීම මෙම වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමයේ සුවිශේෂීත්වයයි.

බටහිර වෛද්‍යවරයකු වන හෝමියෝපති වෛද්‍ය විද්‍යාවේ පියා වන සැමුවෙල් ෆෙඩ්රික් හානේමාන්තුමා සුවය පිළිබඳ සොයාගත් මූලධර්මය “සමාන දෙයින් සමාන දේ සුවපත් වේ” යන මතය මත පදනම් වෙමින් මොළයේ රසායනික වෙනස්කම් පෙන්වන රෝග ලක්ෂණය එහි සංඥාව ලෙස ගෙන එම රෝග ලක්ෂණයට සමාන ඖෂධය ශරීරයට අනුගත කිරීම තුළ සංඥාව නිවා දමනුයේ වෙනස් වූ රසායනික සංයුතිය නැවත යථාතත්ත්වයට ප්‍රතිස්ථාපණය කිරීමෙනි. එමගින් රෝග ලක්ෂණය නැතිවී යෑම සිදු වනු ඇත. රෝග ලක්ෂණය එනම් සංඥාව නිවා දැමීම පාලනයයි. (බටහිර වෛද්‍ය ක්‍රමය) තවදුරටත් රෝග ලක්ෂණ එනම් සංඥාව නැතිවී යෑම එහි සුවයයි. (හෝමියෝපති වෛද්‍ය ක්‍රමය) මෙය අප වටහා ගතයුතුම වේ. මෙය වටහා ගෙන හෝමියෝපති ප්‍රතිකාර තුළින් ලබන සුවය ඔවුන්ට එනම් Psychological Immunization මානසික ප්‍රතිශක්තිකරණය ඔවුන්ගේ මොළය තුළ වර්ධනය වනු ඇත. එමගින් මනසට ඇතුළු වන විස බීජ නමැති විවිධාකාර අහිතකර සිතුවිලි ඉන් ඉවත්කරනු ලැබේ. ඒ වගේම තමාගේ සිතුවිලි නිවැරදි කිරීම, ආත්ම විශ්වාසය වැඩි දියුණු වීම, ආත්ම ශක්තිය වර්ධනය වීම, තමන් පිළිබඳ අවබෝධය වැඩිදියුණු වීම, එනම් අඩාල වූ හැඟීම්, හැසිරීම් රටාව, කායික වෙනස්කම ජීවන ක්‍රියාවලිය යළි පුනර්ස්ථාපනය කිරීම මින් සිදුවනු ඇත.

වැඩිදුර තොරතුරු සඳහා දුරකථන අංක 0718250717 ඇමැතිය හැකිය.

මානසික රෝග සුවයට හෝමියෝපති ප්‍රතිකාර

එච් කේ හෝමියෝපති
ආරෝග්‍යශාලාවේ නිර්මාතෘ
වෛද්‍ය අනුෂා හේමකුමාර
එච් කේ හෝමියෝපති හෙල්ත් කෙයාර්
නො.12, පී. බී. අල්විස්
පෙරේරා මාවත, කටුබැද්ද, මොරටුව.

advertistmentadvertistment
advertistmentadvertistment