ලක්‍ෂ 44ක් වැය කළ ‘එක රටක් එක නීතියක්’ හමස් පෙට්ටියේ

96

රුපියල් ලක්‍ෂ හතළිහකට අධික වියදමක් දරා එක රටක් එක නීතියක් සැකසීම සඳහා ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ ප්‍රධානත්වයෙන් පත්කළ කමිටු වාර්තාව හමස් පෙට්ටියට ගොස් ඇතැයි එහි සාමාජිකයෝ පවසති.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ උපදෙස් මත ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ ප්‍රධානත්වයෙන් එක රටක් එක නීතියක් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර තිබිණි.

මාස නවයක පමණ කාලයක් තිස්සේ මෙරට ආගමික නායකයන් විවිධ සංවිධාන විවිධ පුද්ගලයන් හා රාජ්‍ය නිලධාරීන් සමග කටයුතු කර සැකසූ එක රටක් එක නීතියක් අවසන් වාර්තාව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා වෙත භාරදීමට ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පියවර ගත්හ. නමුත් එම වාර්තාව මේ වනවිට ඵලක් නොමැති වාර්තාවක් බවට පත්ව ඇතැයි එම කමිටු සාමාජිකයෙක් පැවසී ය.

මේ සම්බන්ධයෙන් ගලගොඩඅත්තේ ඥානසාර හිමිගෙන් දිවයින කළ විමසීමේ දී උන්වහන්සේ කියා සිටියේ එක රටක් එක නීතියක් වාර්තාව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට භාර දුන් බවයි. සියලු දෙනා ස්වෙච්ඡාවෙන් කටයුතු කළ බවත් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලfවේ අදාළ කාර්යාලය පවත්වාගෙන යෑමට රුපියල් ලක්‍ෂ 44ක් පමණ වැය වූ බවයි. මෙම වාර්තාව පදනම් කරගෙන ඉදිරි පියවර නොගැනීම ගැටලුවක් බවද උන්වහන්සේ කීහ.
ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment