‘BOC ගම්මාන’ වැඩසටහන් මාලාවේ 5 වන අදියර කුරුකැටියාව සමෘද්ධි ගම්මානයේදී

85

‘ජාතියේ මහා පහන් ටැඹ’ ලංකා බැංකුව විසින් දියත් කරනු ලබන ‘BOC ගම්මාන’ ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතියේ පස් වන BOC ගම්මානය වයඹ පළාතේ, පුත්තලම් දිස්ත්‍රික්කයේ, නවගත්තේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ, කුරුකැටියාව සමෘද්ධි ගම්මානයේදී විවෘත කෙරිණි.

ලංකා බැංකුවේ සංවර්ධන බැංකු අංශය විසින් ක්‍රියාත්මක කරනු ලබන ‘BOC ගම්මාන’ වැඩසටහන මගින් අඩු වරප්‍රසාද සහිත ග්‍රාමීය ජනතාවගේ මූල්‍ය සාක්ෂරතාව හා ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීම අරමුණු කරයි. මෙහිදී ඉලක්ක ගත කණ්ඩායම් වෙත ළඟාවීම සඳහා විශේෂ වැඩසටහන් මාලාවක් ‘BOC ගම්මාන’ වැඩසටහන තුළ ව්‍යුහගත කර ඇත.

මෙරට ග්‍රාමීය ජනතාව දේශීය ආර්ථිකයේ වැදගත් කොටසක් නියෝජනය කරන බැවින්, ග්‍රාමීය සංවර්ධනය ජාතික ආර්ථිකය නැංවීමෙහි ලා අත්‍යවශ්‍ය අංගයකි. රටේ ප්‍රමුඛතම බැංකුව සහ ප්‍රමුඛතම රාජ්‍ය බැංකුව ලෙස, ග්‍රාමීය ආර්ථිකයේ දියුණුව සහ ග්‍රාමීය ජනතාවගේ ජීවන තත්ත්වය නංවාලීම තම වගකීමක් කොට සලකන ලංකා බැංකුව සිය ග්‍රාමීය සංවර්ධන වැඩසටහන ලෙස‘BOC ගම්මාන’ වැඩසටහන දියත් කරයි.

ලංකා බැංකුවේ ආණමඩුව ශාඛාව මඟින් සංවිධානය කෙරුණු මෙවර වැඩසටහන විවෘත කිරීමේ අවස්ථාව සඳහා ලංකා බැංකුවේ සභාපති රොනල්ඩ් සී. පෙරේරා, මහා කළමනාකරු රසල් ෆොන්සේකා, පුත්තලම දිස්ත්‍රික් ලේකම් එච්. එම්. එස්. පී. හේරත්, නවගතේගම ප්‍රාදේශීය ලේකම් කේ. ඩී. ඒ. කෙරව්ගොඩ, ලංකා බැංකුවේ නියෝජ්‍ය මහා කළමනාකරු (ශාඛා මෙහෙයුම්) ප්‍රියල් ද සිල්වා, නියෝජ්‍ය මහා කළමනාකරු (සංවර්ධන බැංකුකරණ – ශාඛා ණය මෙහෙයුම් කලාප II) රොෂෙල් ප්‍රනාන්දු , සහකාර මහා කළමනාකරු (සංවර්ධන බැංකුකරණ) සමන්ත විමලසිරි, සහකාර මහා කළමනාකරු (වයඹ පළාත) කුෂාන් දෙල්ගොඩ යන මහත්ම මහත්මීහු ඇතුළු නිලධාරීහු සහ කුරුකැටියාව ගම්වාසීහු සහභාගි වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment