ජොනීලාට අධි චෝදනා

174

වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් සිටියදී සතොස ආයතනයේ සේවකයින් පිරිසක් සිය රාජකාරීවලින් ඉවත් කොට දේශපාලන කටයුතුවල යෙදවීම තුළින් රුපියල් ලක්ෂ 5‍9කට අධික මුදලක් රජයට පාඩු කළේ යැයි චෝදනා කොට හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට අද (10) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා භාරදුන්නේය.එම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බළල්ලේ මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.එහිදී අදාළ නඩුවේ විත්තිකරුවන් වශයෙන් නම් කර සිටි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, ස.තො.ස ආයතනයේ හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු සහ හිටපු අධ්‍යක්ෂකවරයෙකු වන මොහොමඩ් සාකීර් යන අයට අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ අධි චෝදනා භාරදීම සිදුකෙරුණි.

advertistmentadvertistment
advertistmentadvertistment