මාලබේ වැව පාරෙන් හමුවූ මළ සිරුර හඳුනා ගැනේ

1185

මාලබේ චන්ද්‍රිකා කුමාරතුංග මාවතේ වැව පාර කැලෑ රොදකින් හමුවූ මළ සිරුර පසිඳු චාමර මධුසංඛ (29) නමැති ගොතටුව නින්ද වත්ත ප්‍රදේශයේ තරුණයකුගේ බවට පවුලේ ඥාතීන් විසින් හඳුනා ගෙන තිබේ.

මේ වන විට මිරිහාන විශේෂ විමර්ශන නිලධාරීන් කණ්ඩායමක් මෙම ඝාතනයට සම්බන්ධ සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇත.

මේ වන විට පොලිස් විමර්ශනවල දී හෙළි වූ කරුණු අනුව මෙම ඝාතනය මීට මාස කිහිපයකට උඩදී සිදුවූ කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභා මන්ත්‍රී සුමුදුගේ ඝාතනය හා සම්බන්ධ සිදුවීමක් බවට සැක කෙරේ.

මෙම තරුණයා වෙනත් ප්‍රදේශයක ඝාතනය කර වැව පාරට ගෙනැවිත් දමන්නට ඇතැයි සිතිය හැකි බවත් ඔහුගේ සිරුර පුරා පහර දීම් නිසා ඇතිවූ තුවාල රාශියක් දැක ගත හැකි බවත් පොලිසිය කියයි.

මේ වනවිට මළසිරුර පශ්චාත් වෛද්‍ය පරීක්ෂණය සඳහා යොමු කර තිබේ. මළසිරුර හමුවූ ස්ථානය ආසන්නයේ තිබී ජංගම දුරකථන දෙකක් ද විමර්ශන කණ්ඩායම විසින් සොයා ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් කඩුවෙල පොලිසියට භාර දීමට කටයුතු කෙරෙමින් පවතියි. කඩුවෙල පොලිස් ස්ථානාධිපති පො. ප. කාන් වීරසිංහ ඇතුළු නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ මෙහෙයවති.

කඩුවෙල – සුගත් ප්‍රේමතිලක

advertistmentadvertistment
advertistmentadvertistment