SLT-MOBITEL, උතුරු පළාතේ පාරිභෝගික සහ ජනතා අවශ්‍යතා හඳුනාගැනීමේ ක්ෂේත්‍ර චාරිකාවක නිරත වෙයි

90

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL උතුරු පළාතේ සිය ගනුදෙනුකරුවන්ගේ සහ එහි ජනතාවගේ අවශ්‍යතා සහ අභිලාෂ වඩාත් හොඳින් අවබෝධ කරගැනීම සඳහා පසුගියදා එම පළාතෙහි ක්ෂේත්‍ර චාරිකාවක නිරත විය.

සමාගමේ ජ්‍යෙෂ්ඨතම නිලධාරීන් ඇතුළුව 40 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් මෙම චාරිකාවට එක්වූ අතර, චාරිකාව පුරාම ඔවුහු පොදු ප්‍රවාහන සේවා භාවිතා කිරීමද විශේෂත්වයක් විය.

මෙම කණ්ඩායම SLT-MOBITEL ගනුදෙනුකරුවන්, සාමාන්‍ය ජනතාව, කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර හා ව්‍යවසායකයින්, සිසුන් සහ ජනමාධ්‍ය නියෝජනය කරන පුද්ගලයින් ඇතුළු බොහෝ දෙනෙකු හමුවී ඔවුන්ගේ අභිලාෂ පිළිබඳව දැනුවත්භාවයක් ලබාගන්නා ලදි. වර්තමානයේ ඔවුන් මුහුණ දෙමින් සිටින අභියෝග කෙරෙහි මෙහිදී විශේෂ අවධානයක් යොමු විය.

මෙහිදී අදහස් දක්වමින් SLT සමූහ සභාපති රොහාන් ප්‍රනාන්දු මහතා කියා සිටියේ, සමූහයේ අනාගත වර්ධන සැලසුම් තුළ උතුරු පළාතට විශේෂ ස්ථානයක් හිමිවන බවයි. “SLT-MOBITEL යනු රටේ දුරකථන සන්නිවේදනයෙහි සහ තාක්ෂණයෙහි ජීවනාලියයි. සමාගම ආරම්භ වූ දා පටන්ම උතුරු පළාතේ ඉංජිනේරුවන් ඊට දායක වී තිබෙනවා. වසර 40කට අධික කාලයක් තිස්සේ අපගේ කාර්ය මණ්ඩලය සහ කාර්යාල උතුරු පළාතේ සිට ක්‍රියාත්මක වෙමින් අතිශය තීරණාත්මක අවස්ථාවලදී පවා ස්ථාවර සහ විශ්වාසනීය සම්බන්ධතා පහසුකම් ලබාදීමට කටයුතු කළා. දිවයිනේ දෙවැනි උසම දුරකථන කුලු‍න අප පිහිටුවා තිබෙන්නේත් උතුරු පළාත තුළයි. රට පුරා බොහෝ අංශ බලගන්වන යටිතල පහසුකම් ගොඩනැගීම සඳහා උතුරු පළාත සහ එහි ජනතාව තීරණාත්මක කාර්යභාරයක් ඉටුකර තිබෙනවා. දැන්, මෙම අභියෝගාත්මක කාලසීමාවේදී, මෙම පළාතේ ප්‍රජාවන්ට සහ ව්‍යාපාරවලට සහාය වීමට SLT-MOBITEL කළ යුත්තේ කුමක්ද යන්න නිවැරදිව තේරුම් ගැනීමට අපට අවශ්‍යයි. ඉදිරි මාස වලදී මෙම පළාතේ තවත් ක්ෂේත්‍ර චාරිකා කිහිපයක නිරත වීමට අප බලාපොරොත්තු වෙනවා. මෙම පළාතේ ජීවත්වන අපගේ සහෝදර සහෝදරියන්ට අත්වැලක් වීමට අපට හැකි සියලු‍ම දේ කිරීමට අප සූදානම්” රොහාන් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment