විපක්ෂ නායකගෙන් මාකන්දන ශ්‍රී සුදර්ශන විදුහලට සුහුරු තිර සහ පරිගණක

28

පිළියන්දල, මාකන්දන ශ්‍රී සුදර්ශන ආදර්ශ විදුහලේ ස්මාර්ට් පන්ති කාමරයක් සඳහා සුහුරු තිර සහ පරිගණක පරිත්‍යාග කිරීමක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකරන ලදී.

පා.ම. ඉරාන් වික්‍රමරත්න, සමගි ජනබලවේගයේ කැස්බෑව ආසන සංවිධායක ගයාන් ද මැල්, සමගි ජනබලවේගයේ හිටපු නාගරික මන්ත්‍රීන් හා මෙම විද්‍යාලයේ වැ.බ. විදුහල්පතිනි චන්දිමා ඇහැලියගොඩ මහත්මිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සුහුරු තිර හා පරිගණක සිසු අයිතියට පැවරු පසු ඔහු එය අධීක්ෂණය කළේය.

පොල්ගස්ඕවිට – සුසිල් ඉලේපෙරුම

advertistmentadvertistment
advertistmentadvertistment