ප්ලැටිනම් ජුබිලිය සැමරුවා යැයි රැජන සමුගන්න පෙර ශ්‍රී ලාංකිකයාට ලිපියක් එවලා

866

විනෝදාංශයක් ලෙස ලෝක රාජ්‍ය නායකයන්ට
ලිපි ලියන දෙදරු පියාගෙන් හෙළිදරව්වක්

අභාවප්‍රාප්ත දෙවන එළිසබෙත් රැජින සමග ලිපි ගනුදෙනු කරන ලද අයෙක් පොළොන්නරුව ගල්ලෑල්ල, සුදු නෙලුගම ප්‍රදේශයේ ජීවත් වේ.

විනෝදාංශයක් ලෙස තමන් මෙසේ ලෝකයේ සිටින රාජ්‍ය නායකයන් සමග ලිපි ගනුදෙනු කරන බවත් මේ වනවිට රැජිනියගේ අභාවයෙන් දැඩි කම්පනයට හා සංවේගයට පත්ව ඇති මොහු නමින් ලයනල් පිටියවත්තගේ නමැති හැත්තෑ දෙහැවිරිදි වියේ පසුවන දෙදරු පියෙකි.

2017 සිට මෙසේ ලිපි ගනුදෙනු කරන මොහු රැජිනියගේ සෑම උපන් දිනයකටම සුබ පැතුම් පතක් යැවීමට අමතක නොකරන බවත්, මේ අනුව තමන්ට අවසාන වශයෙන් රජ පවුලෙන් ලිපිය ලැබුණේ 2022 ජුනි විසිඑක් වන දින බවත්, එම ලිපියෙහි රැජිනියගේ රාජ්‍ය සිහසුන දරා වසර හැත්තෑ දෙකක් සපිරීම නිමිත්තෙන් ප්ලැටිනම් ජුබිලිය සැමරූ බවට ඔහුට එවා තිබූ ලිපියෙහි සඳහන් කර තිබූ බව පිටියවත්තගේ මහතා ‘දිවයින’ ට පවසා සිටියේය.

රොෂාන් තුෂාර තෙන්නකෝන් – අරලගංවිල

advertistmentadvertistment
advertistmentadvertistment