උතුරු ඉන්දියාවේ සහෝදරියන් දෙදෙනකු පැහැරගෙන දූෂණය කර මරා දැමූ 6 ක් අල්ලයි

600

ඉන්දියාවේ හින්දු සමාජයේ පහළම කුළය සේ සැළකෙන ‘ඩලිට්’ කුළයට අයත් එකම පවුලක සහෝදරියන් දෙදනකු පිරිමින් පස් දෙනකු විසින් පැහැරගෙන ගොස් අමානුෂීය ලෙස දූෂණය කර මරා දමා ගසක එල්ලීමේ අපරාධකාරී සිද්ධියක් සම්බන්ධයෙන් දැඩි මහජන විරෝධයක් සමාජය තුළින් මතුව තිබේ.

උතුරු ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ ලකිම්පූර් ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 15 හා 17 හැවිරිදි වයස්වල පසු වූ සහෝදරියන් දෙදෙනකු යතුරුපැදිවලින් පැමිණි තරුණයන් පිරිසක් විසින් එම තරුණියන්ගේ මවට පහරදී පැහැරගෙන ගොස් මෙම අපරාධය සිදු කර ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇති බව පොලිසිය පවසයි. පැහැරගෙන ගොස් ඇති තරුණියන් දෙදෙනා දූෂණය කර මරා දැමීමෙන් පසුව ඔවුන් විසින් සියදිවි නසා ගත් බව ඇඟවීම සඳහා එම තරුණියන් දෙදෙනාගේ සිරුරු ගසක එල්ලීමට අපරාධකරුවන් විසින් පියවර ගෙන ඇති බව තරුණියන්ගේ අසල්වාසීහු මාධ්‍යයට පවසා තිබේ. මෙම සිද්ධිය පිළිබඳව පරීක්ෂණ අරඹා ඇති පොලිසිය සිද්ධියට සම්බන්ධ වූ අපරාධකරුවන් පස් දෙනා හා එම තරුණියන්ව එම පුද්ගලයන්ට හඳුන්වා දී ඇති පුද්ගලයකු ඊයේ (15දා) දිනයේ අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. මරා දැමුණු සහෝදරියන්ගේ මළ සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා රැගෙන යෑමට පොලිස් නිලධාරීන් පැමිණි විට ප්‍රදේශවාසීන් පොලිසිය අපරාධකරුවන්ට පක්ෂපාති බව පවසමින් සිය දැඩි විරෝධය පළ කර තිබේ. මෙම තරුණියන් දෙදෙනාගේ අමානුෂීය ඝාතනය සම්බන්ධයෙන් ඉන්දියාවේ විපක්ෂය වන ඉන්දිරා කොංග්‍රසයේ ප්‍රියන්කා ගාන්ධි උත්තර් ප්‍රදේශයේ ප්‍රාන්ත රජය දැඩි සේ විවේචනයට ලක් කර තිබේ.

සංස්කරණය
ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment