සිය පෙම්වතිය මැරූ මලල ක්‍රීඩක පිස්ටෝරියස්ට නිදහස

327

දකුණු අප්‍රිකාවේ මහත් ආන්දෝලනයකට ලක්ව සිටි සිය පෙම්වතියව වෙඩි තබා මරා දැමීම හේතුවෙන් සිරදඬුවම් විඳිමින් සිටි ආබාධිත ඔලිම්පික් පදක්කම්ලාභී ධාවන ශූරයකු වන ඔස්කාර් පිස්ටෝරියස් වසර හයක කාලයකට පසු පැරෝල් ක්‍රමය යටතේ ඊයේ (05) නිදහස් කර තිබේ. වෙඩි පහර කිහිපයක් එල්ල කරමින් සිය කාමරයේදී පෙම්වතිය වූ රීවා ස්ටීන්කෑම්ප්ව පිස්ටෝරියස් විසින් 2013 වසරේදී මරා දමා තිබූ අතර ඒ සම්බන්ධයෙන් පැවැති දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව එය මිනීමැරුමක් බව 2015 වසරේදී දකුණු අප්‍රිකානු අධිකරණයක් මගින් තීන්දු කර තිබිණි.

මේ අනුව පිස්ටෝරියස්ට වසර 13ක සිරදඬුවමක් හිමි වූ අතර අධිකරණය හමුවේ ඔහු පවසා තිබුණේ තමා වෙඩි තැබුවේ මියගිය අය සොරෙකු බව සිතා බවයි. පිස්ටෝරියස් පාද දෙකම අහිමි අයකු වන අතර ඔහු ධාවන තරගවලට සහභාගි වී ඇත්තේ වානේවලින් තැනූ කෘතිම පාද සවිකර ගැනීමෙනි.

advertistmentadvertistment
advertistmentadvertistment