ඔඩිසියස් රොබෝ යානයෙන් සඳමතට මූර්ති 125ක්

421

නාසා ආයතනය සහ පෞද්ගලික සමාගමක් එක්ව පළමු වරට සඳමතට ගොඩබස්වනු ලැබූ ඔඩිසියස් නමැති රොබෝ යානය මගින් කුඩා ප්‍රමාණයේ මූර්ති 125 ක්ද සඳමතට යවා ඇත.

වාණිජ අභ්‍යවකාශ ගවේෂණයේ නව පියවරක් සටහන් කරමින් ඇමෙරිකාවේ නාසා ආයතනය සහ ඉන්ටුයිටිව් මැෂින්ස් නමැති ඇමෙරිකානු ආයතනය එක්ව බිලියනපතියකු වන ඉලොන් මස්ක්ගේ ස්පේස් එක්ස් සමාගමට අයත් පෝල්කන් 09 වර්ගයේ රොකට්ටුව මගින් සඳේ දක්ෂිණ ධ්‍රැවයේ මැලපටර් නමැති ආවාටයට පතිත කරවූ මෙම යානාව රැගෙන ගොස් තිබුණේ ඇමරිකානු චිත්‍ර ශිල්පී ජෙෆ් කූන්ස් විසින් නිර්මාණය කරන ලද මූර්ති 125 කි.

නාසා ආයතනය මැදිහත්වී මෙලෙස සඳට යානයක් ගොඩබෑම සිදුකරනු ලැබුවේ ඇපලෝ චන්ද්‍ර මෙහෙයුම අවසන්වී වසර 52 කට පසුය.

පසුගිය 15 වැනිදා ෆෝල්කන් 09 වර්ගයේ රොකට්ටුව ෆ්ලොරිඩාවේ කැනවරල්තුඩුවේ කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ගුවන්ගත විය. මෙම රොකට්ටුව මගින් රැගෙන ගිය ඔඩිසියස් නමැති රොබෝ යානය ඉකුත් 22 වැනිදා පස්වරු 6.24 ට සඳ මතට ගොඩබෑම සිදුවිය.

advertistmentadvertistment
advertistmentadvertistment