2024 නැගෙනහිර පළාතේ පෙර පාසල් එන දරුවන් බාගෙට බාගයක් අඩුවෙලා

38

සම්බන්ධීකරණ නිලධාරී අසේල චතුරංග
එදා දරුවෝ 20ක් සිටි පෙර පාසලේ අද ඉන්නේ 05 යි
පෙර පාසල් සංගමයේ සභාපති නිල්මිණි සේනානායක

2024 වර්ෂය සඳහා නැගෙනහිර පළාත තුළ පෙර පාසල්වලට දරුවන් ඇතුළත් කර ගැනීමේදී වෙන වසරවලට සාපේක්ෂව විශාල අඩුවක් වාර්තා වන බව නැගෙනහිර පළාත් පෙර පාසල් කාර්යාංශයේ පෙර පාසල් සම්බන්ධීකරණ නිලධාරී අසේල චතුරංග මහතා පැවසීය.

මේ අනුව 50% වන දරුවන් සංඛ්‍යාවකගේ අඩුවක් ඇති බවත් එදා දරුවන් 20 ක් සිටි පෙර පාසල්වල මෙවර සිටින්නේ දරුවන් 5 ක් 6 ක් බවද ඒ මහතා පැවසීය.

මේ සම්බන්ධව පෙර පාසල් සංගමයේ සභාපති නිල්මිණි සේනානායක මහත්මිය කියා සිටියේ, පසුගිය වකවානුව තුළ සෑම පවුලකම දරුවන් අඩුවීම මෙයට ප්‍රධාන හේතුව බවයි. තවද පවතින ආර්ථික තත්ත්වය හේතුවෙන් වසර දෙකක් පෙර පාසල් යැවිය යුතු දරුවන් එක් වසරක් පමණක් එවීමට දෙමාපියන්ට සිදුවීම ද තවත් හේතුවක්. ඉදිරියේදී මේ තත්වය වැඩි වන්නට ඉඩ ඇති බවත් ඒ මහත්මිය වැඩි දුරටත් කියා සිටියා ය. කෙසේ වෙතත් මේ හේතුව මුල් කරගනිමින් බොහෝ පෙරපාසල් ගුරුමහත්මීන් ගේ රැකියාවටත් කණකොකා හඬන දිනය වැඩි ඈතක නොවනබව පෙර පාසල් සංගමය කියා සිටී.

කන්තලේ – ඩබ්. එම්. වික්‍රමසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment