ඉරාක කණ්ඩායමක් ඇමරිකාවට පහරදීම අත්හිටුවයි

374

ඉරාක රජය අපහසුතාවයට පත් වීම වැළැක්වීමේ අරමුණින් මැදපෙරදිග සිටින ඇමරිකානු හමුදා භටයන්ට ප්‍රහාර එල්ල කිරීම අත්හිටුවීමට ඉරාකයේ සිට ක්‍රියාත්මක වන ඉරානයේ සහය ලබන කටයිබ් හෙස්බොල්ලා සන්නද්ධ කණ්ඩායම විසින් පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. එම සන්නද්ධ කණ්ඩායම ඉකුත් ඉරිදා ජෝර්දානයේ සිටි ඇමරිකානු භට පිරිසක් ඉලක්ක කරගෙන එල්ල කළ ඩ්‍රෝන යානා ප්‍රහාරයට වගකිවයුතු බවට ඇමරිකානු බලධාරින් විසින් සැක පළ කර තිබිණි.

හෙස්බොල්ලා කණ්ඩායම විසින් ඇමරිකානු හමුදාවන්ට එරෙහි ප්‍රහාරයන් අත්හිටුවන බව නිවේදනය කිරීමත් සමගම එයට ප්‍රතිචාර දක්වා ඇති ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව පවසා ඇත්තේ වචනවලට වඩා ක්‍රියාවන් ශබ්ද නගා කථා කරන බව එම නිවේදනයෙන් පැහැදිලි වන බවයි. ඉකුත් ඉරිදා ජෝර්දානයේ සිටින ඇමරිකානු හමුදා භට පිරිසකට එල්ල කළ ඩ්‍රෝන යානා ප්‍රහාරයෙන් ඇමරිකානු භටයන් තිදෙනකු මිය ගිය අතර තවත් භටයන් තිස් හතරදෙනකු තුවාල ලැබීය.

advertistmentadvertistment
advertistmentadvertistment