පුටින් පස් වැනි වරටත් ජනාධිපති ධුරයේ දිවුරුම් දෙයි

379

පස් වැනි වතාවටත් රුසියාවේ ජනාධිපති ධුරයට පත් ව්ලැදිමීර් පුටින් ඊයේ (07දා) මොස්කව් අගනුවර ක්‍රෙම්ලින් මැඳුරේ පිහිටි ශාන්ත ඇන්ඩෲ ත්‍රෝන් ශාලාවේදී නව ජනාධිපතිවරයා වශයෙන් සිය ධුරයේ දිවුරුම් දී රාජකාරි කටයුතු අරඹා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඉකුත් මාර්තු 15-17 කාලසීමාවේදී රුසියාවේ පැවති අටවැනි ජනාධිපතිවරණයේදී ප්‍රකාශිත මුළු ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 88 ක ප්‍රතිශතයක් ලබා ගනිමින් පුටින් නැවත වරක් රුසියාවේ ජනාධිපතිවරයා වශයෙන් තේරී පත් විය.

“අප රටේ ජනතාව එක්සත් විශිෂ්ට ජනතාවකි. අපට එක්සත්ව වැඩකළහොත් සියලු බාධක මැඬගෙන ඉදිරියට යා හැකි වනු ඇත. එක්සත්ව ජයගමු” යැයි ඉදිරි වසර හයක කාලය සඳහා ජනාධිපති ධුරයේ වැඩ භාරගනිමින් පුටින් ජනාධිපතිවරයා පවසා තිබේ.

සංස්කරණය – ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment