වවුනියාවේ මහාධිකරණ නව විනිසුරු වැඩ භාර ගනී

276

වවුනියාවේ නව මහාධිකරණ විනිසුරුවරයා වශයෙන් වැඩ භාර ගැනීමට පැමිණි මානික්කවාසගම් ඉලන්චෙලියන් මහතාව වවුනියාව අධිකරණ සංකීර්ණයේදී නීතිඥවරුන් හා අධිකරණ කාර්ය මණ්ඩලය විසින් දැඩි උණුසුම් ලෙස පිළිගන්නා ලදී.

වසර 25 ක කාලයක් උතුරේ අධිකරණවල සේවය කළ ඉලන්චෙලියන් මහතා මීට ඉහතදී වවුනියාව දිස්ත‍්‍රික් මහෙස්ත‍්‍රාත්වරයා වශයෙන් සේවය කොට තිබේ.

වවුනියාවේ සිටියදී ලද උසස් වීමකට අනුව ඔහු මහාධිකරණ විනිසුරුවරයකු ලෙස පත් වී යාපනයේ විද්‍යා දැරියගේ ඝාතනය ඇතුළු නඩු තීන්දු රැුසක් ලබා දීමට දායක වූ මහාධිකරණ විනිසුරුවරයෙකි. ත‍්‍රිකුණාමලයේ මහාධිකරණ විනිසුරුවරයා වශයෙන් කටයුතු කළ මානික්කවාසගම් ඉලන්චෙලියන් මහතා වවුනියාවේ නව මහාධිකරණ විනිසුරුවරයා වශයෙන් පත් කිරීමෙන් පසුව ඔහු සිය තනතුරේ වැඩ භාර ගන්නා ලදී.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment