වනිදුට තරග තහනමක්

456

ඇෆ්ගනිස්තානයට එරෙහිව රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඉකුත් 21දා පැවැති විස්සයි20 තරගයෙන් පසුව විනය විරෝධීව හැසුරුණේ යැයි ශ්‍රී ලංකා විස්සයි20 පිලේ නායක වනිඳු හසරංගට තරග දෙකක තහනම් සහ තරග මුදලින් සියයට 50 ක දඩයක් පනවා ඇත.එම දඩුවමට අමතරව වනිඳුට දඩුවම් ලකුණු ද එකතු කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් සභාව තීරණය කර ඇති බවත් එම දඩුවම් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නිලවශයෙන් දැනුම් දී තිබේ.ඒ අනුව වනිඳුට බංග්ලාදේශයට එරෙහිව ලබන මස 4 සහ 6 දෙදින පැවැත්වෙන විස්සයි20 තරග දෙක අහිමිවේ.ඇෆ්ගනිස්තාන තරගයේ නිපන්දුවක් පිළිබඳව විනිසුරු ලින්ඩන් හැනිබල් මහතා සමඟ ගැටීම සහ මාධ්‍ය හමුවේදී විනිසුරු තීරණ විවේචන කිරීමේ වරදට අන්තර්ජාතික ක්‍රිකට් සභාව (අයි.සී.සී.) ඔහුට මෙම දඩුවම් පැනවීය.

advertistmentadvertistment
advertistmentadvertistment