මුදල් කාරක සභා සභාපති පත් කිරීමේ ප්‍රමාදයට විපක්‍ෂයේ විරෝධය

91

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ නව සභාපතිවරයා පත් කිරීමට ප්‍රමාද කිරීම පිළිබඳව ඊයේ (7 දා) පාර්ලිමේන්තුවේ දී විපක්‍ෂයේ දැඩි විරෝධය එල්ල විය.

මුදල් කාරක සභාව පසුගියදා රැස්වූ අවස්ථාවේ දී වැඩබලන සභාපති ලෙස එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පත් කර ඇති බවත් එය පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවලට පටහැනි බවත් විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කළේය.

වැඩබලන සභාපතිවරයා පත් කළ හැක්කේ සභාපතිවරයා නොමැති අවස්ථාවක දී පමණක් වන බවත් පසුගියදා වැඩබලන සභාපතිවරයකු පත් කර ඇත්තේ ස්ථීර සභාපතිවරයෙකු පත් කර නොමැති අවස්ථාවක බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය. මෙහිදී අදහස් දැක්වූ ඇමැති මනූෂ නානායක්කාර මහතා මුදල් කාරක සභාවේ සභාපති ධුරයට විපක්‍ෂයේ ම මන්ත්‍රිවරයෙකු පත්විය යුතු බවට ස්ථාවර නියෝගවලට කිසිවක් සඳහන් නැති බව කියා සිටියේය.

රනිල් ධර්මසේන අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment