ආණ්ඩුව ජනතාවගේ මූලික අයිතීන් කෙළෙසනවා මුදලිගේ බලන්න ගිය සජිත් කියයි

79

ෂණයේ ප්‍රකාශනයේ හා අදහස් පළ කිරීමේ නිදහස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සනාථ කර ඇති බවත් ඊට අමතරව සාමකාමීව උද්ඝෝෂණය කිරීමේ නිදහස පවා රටේ තහවුරු කර ඇති අවස්ථාවක මේ රජය නිරතුරුවම ජනතාවගේ මූලික අයිතිය සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය කෙළෙසන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.

මෙරට ජනතාවට සිය ප්‍රජාතන්ත්‍රීය අයිතිය භාවිත කිරීමේ නිදහස පැවැතිය යුතු බවත් එය අහෝසි කිරීමට රජය කටයුතු කිරීම විපක්ෂයක් ලෙස තරයේ ප්‍රතික්ෂේප කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ පෙරේදා කැලණිය විශ්වවිද්‍යාලය අසල සාමකාමී උද්ඝෝෂණයක නිතරව සිටියදී අත්අඩංගුවට ගත් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වන වසන්ත මුදලිගේ මහතා බැලීමට රාගම රෝහලට ඊයේ පැමිණි අවස්ථාවේදී ය.

මැතිවරණය වළක්වා ඒකාධිපති පාලනයක් ගෙන යමින් ජනතාවගේ මූලික අයිතීන් පවා මේ ආණ්ඩුව උල්ලංඝනය කරන බවත් එවැනි ආණ්ඩුව සමග කිසි දිනක තමාට හෝ ජනතාවට හිතැති තම පක්ෂයේ කාටවත් සම්බන්ධයක් නොමැති බවත් හෙතෙම කීවේය. මේ ආණ්ඩුව ජනතා විරෝධී බවත් එවැනි ආණ්ඩුවක් සමග තමා හෝ තම පක්‍ෂය එක් නොවන බවත් විපක්ෂ නායකවරයා එහි දී වැඩිදුරටත් පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment