සෞඛ්‍ය මේ සතියෙත් ලෙඩ වේ!

745

හෙද, පරිපූරක, අතුරු වෛද්‍ය, තාක්‍ෂණ, ඉංජිනේරු, පරිපාලන සහ කළමනාකාර ඇතුළු සෞඛ්‍ය සේවයට අනුබද්ධිත වෘත්තීය සමිති 72ක ලක්‍ෂයකට අධික සාමාජිකයන් මෙම සතියේදී දිවයින පුරා රජයේ රෝහල්වලදී අඛණ්ඩ වැඩ වර්ජන ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත.

වෛද්‍යවරුන්ට ලබාදුන් රුපියල් 35,000ක ‘ඩැට්’ දීමනාව තමනට ද ලබාදෙන ලෙස ඉල්ලමින් සෞඛ්‍ය සේවකයෝ මීට පෙර ද අවස්ථා කීපයකදී උද්ඝෝෂණ, විරෝධතා සහ වැඩ වර්ජනයේ ද නිරත වූහ.

කෙසේ වෙතත් සිය ගැටලුව සම්බන්ධයෙන් හෙට (19 දා) සෞඛ්‍ය ඇමැතිවරයා සමඟ පැවැත්වෙන දෙවන වටයේ සාකච්ඡාවෙන් ද අපේක්‍ෂිත ප්‍රතිඵල නොලැබෙන්නේ නම් නැවත දැඩි වෘත්තීය ක්‍රියා වෙත යොමුවීමට මේ වනවිටත් තීරණය කර ඇතැයි සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු, චානක ධර්මවික්‍රම මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට ප්‍රකාශ කළේය.

පසුගිය වෘත්තීය ක්‍රියාමාර්ග හේතුවෙන් රෝහල් පද්ධතියේ සියලු සේවා සම්පූර්ණයෙන්ම අඩාල වූ බැවින් රෝගීන්ට සිදුවූ දැඩි අපහසුතා ද සැලකිල්ලට ගෙන සිය වෘත්තීය ක්‍රියාමාර්ග තාවකාලිකව නතර කිරීමට පියවර ගත් බව ද කී ඒ මහතා රජය සහ සෞඛ්‍ය බලධාරීන් ධනාත්මකව සහ අවංකව කටයුතු කරන්නේ නම් තමන් ද නම්‍යශීලී ප්‍රතිපත්තියකට පැමිණෙන බව ද කියා සිටියේය.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment