රනිල් ජනපතිට කරුණු කියයි

447

මෙරට උග‍්‍ර තත්ත්වයට පත්ව තිබෙන කොරෝනා වසංගතය සම්බන්ධයෙන් ගත යුතු පියවර ගැන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අතර විශේෂ සාකච්ඡුාවක් ඊයේ (17දා* පෙරවරුවේ පැවැත්විණි.

 කොරෝනා වසංගතය හමුවේ ගත යුතු ක‍්‍රියාමාර්ග පිළිබඳව පෙරේදා (16දා* සවස රනිල් වික‍්‍රමසිංහ මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර පැවති දුරකථන සංවාදයේ ප‍්‍රතිඵලයක් ලෙස මෙම සාකච්ඡුාව සිදු කෙරිණි. ජනාධිපතිවරයා සහ රනිල් වික‍්‍රමසිංහ මහතා පමණක් සහභාගී වූ මෙම සාකච්ඡුාව කොළඹ කොටුව ජනාධිපති ලේකම් කාර්යාලයේදී විනාඩි 40 ක් පමණ පවත්වා තිබේ. කොරෝනා වසංගතය පිටුදැකීම සඳහා එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් කළ යෝජනා මාලාව ක‍්‍රියාත්මක කිරීමේ වැදගත්කම සම්බන්ධයෙන් රනිල් වික‍්‍රමසිංහ මහතා මෙහිදී ජනාධිපතිවරයාට පවසා තිබේ.

 එක්සත් ජාතික පක්ෂයට අමතරව අනෙකුත් දේශපාලන පක්ෂවල අදහස් ද මෙම අර්බුදකාරී අවස්ථාවේ විමසීමේ වැදගත්කම එහිදී රනිල් වික‍්‍රමසිංහ මහතා සඳහන් කර ඇත.

 ඊට අමතරව දිනෙන් දින උග‍්‍ර වන කොරෝනා වසංගතයේදී රජය මුහුණ දෙන ගැටලූ ගැන එක්සත් ජාතික පක්ෂය මෙන්ම අනෙක් පක්ෂ ද දැනුවත් කිරීමේ වැදගත්කම පෙන්වා දී ඇති රනිල් වික‍්‍රමසිංහ මහතා රජය ගන්නා පියවර ගැන සියලූ පක්ෂ දැනුවත් කළ යුතුව ඇති බවද මෙහිදී සඳහන් කර තිබේ.

 හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා දැක්වූ කරුණුවලට ප‍්‍රතිචාර දක්වමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා ඇත්තේ රජය ගන්නා වැදගත් පියවර ගැන සියලූම පක්ෂ නායකයන් දැනුවත් කරන බවයි. එමෙන්ම ඉදිරියේදී යළිත් රනිල් වික‍්‍රමසිංහ මහතා සමග හමුවක් අපේක්ෂා කරන බවද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කර තිබේ.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment