සතුන්ට දෙන ප්‍රතිජීවක මිනිසුන්ට කොඩිවිනයක් වෙන්න යයි

95

පශු පාලනයේ දී සතුන්ට අසීමිතව ලබාදෙන ප්‍රතිජීවක ඖෂධ පාලනය නො කළහොත් ඉදිරියේදී මෙරට ජනතාවට රෝගී තත්ත්වයක දී ලබාදෙන ප්‍රතිජීවක ඖෂධවලින් ප්‍රතිඵලයක් නොලැබෙන බව පශු ඖෂධ නියාමන අධිකාරිය අනතුරු අඟවයි.

ගව, කුකුළු, ඌරන් ඇතුළු සතුන්ට ලබාදෙන ප්‍රතිජීවක ඖෂධ ප්‍රමාණය ඉහළ යෑම මත අවදානම මතුව ඇතැයි ද එම අධිකාරිය සඳහන් කරයි.

බොහෝවිට මිනිසුන්ට ලබාදෙන්නේ ද එම ප්‍රතිජීවක ඖෂධ වර්ග ය. මෙම සතුන්ගේ කිරි හා මස් අනුභව කිරීම මගින් ඔවුනට ලබාදෙන ප්‍රතිජීවක ඖෂධ මෙලෙස මිනිස් සිරුරට ඇතුළුවීමට ඉඩ කඩ ඇතැයි ද පවසයි.

මේනිසා ප්‍රතිජීවක ඖෂධ ප්‍රතිරෝධතාවය තත්ත්වයන් නිසා එම ප්‍රතිජීවක ඖෂධ වල පවතින රෝගවලට ඔරොත්තු දීමේ හැකියාව අහිමිවීම නිසා මිනිසුන් රෝගවලට ගොදුරුවීමේ හැකියාව ඉහළ යා හැකි යැයි ද පශු ඖෂධ නියාමන අධිකාරිය සඳහන් කරයි.

මේ සම්බන්ධව ගතහැකි විකල්ප ක්‍රියාමාර්ග ඇතුළත් වාර්තාවක් සකස් කර ඉදිරිපත් කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පශු ඖෂධ නියාමන අධිකාරියට උපදෙස් දී ඇත.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment