තුල්හිරියේ බස් කන්ටේනර් ගැටුමෙන් කාන්තාවක් මරුට තවත් 15ක් රෝහලට

130

කොළඹ සිට අනුරාධපුර දක්වා ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයක් හා කන්ටේනර් රථයක් තුල්හිරිය ප්‍රදේශයේදී එකිනෙක ගැටී සිදුවූ අනතුරකින් කාන්තාවක් මියගොස් තිබේ.

ඊයේ (02 දා) පෙරවරු 10.30ට පමණ මෙම අනතුර සිදුවී ඇත. බස් රථයේ ගමන් ගත් තවත් එකොළොස් දෙනකු තුවාල සහිතව වරකාපොළ රෝහලට ඇතුළත් කර තිබේ.

ගල්ගමුව ඩිපෝවට අයත් මෙම බස් රථයේ රියදුරුගේ අපරික්‍ෂාකාරි රිය ධාවනය අනතුරට හේතු වී ඇතැයි මූලික පොලිස් පරීක්‍ෂණවලදී හෙළි වී තිබේ.

සිද්ධිය පිළිබඳ වරකාපොළ පොලිස් රථ වාහන අංශය වැඩිදුර විමර්ශන සිදු කරයි.
බෝයවලාන ජයන්ත කුමාර දිසානායක,එම්. බී. පහළවත්ත, චන්දන පෙරේරා – ගලපාත

advertistmentadvertistment
advertistmentadvertistment