EPF – ETF පොලිය අඩු කිරීමට එරෙහි පෙත්සම සලකා බැලීම හෙට

174

රජය විසින් දියත් කර ඇති ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළ නිසා සේවක අර්ථසාධක අරමුදලින් හා සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදලින් භාණ්ඩාගාර බිල්පත් හා මහ බැංකු බැඳුම්කර මිලදී ගැනීම සඳහා යෙදවූ මුදල්වලට මෙතෙක් ගෙවූ පොලී… ප්‍රතිශතය සියයට 3 කින් අඩු කිරීමට එරෙහිව ගොනුකර ඇති මුලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීම සඳහා ලබන 4 වැනිදා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (02 දා) දින නියම කළේය.

සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයකු මෙන්ම මූල්‍ය විශ්ලේෂකයකු ද වන චතුරංග අබේසිංහ මහතා විසින් ගොනුකර තිබූ එම පෙත්සම මුර්දු ප්‍රනාන්දු, යසන්ත කෝදාගොඩ සහ ශිරාන් ගුණරත්න යන විනිසුරු මඬුල්ල හමුවේ කැඳවිණි.

භාණ්ඩාගාර බිල්පත් හා මහ බැංකු බැඳුම්කර මිලදී ගැනීම සඳහා රුපියල් ටි්‍රලියන 3.4 ක් පමණ වූ සේවක අර්ථසාධක අරමුදලින් සියයට 91 ක් පමණ මේ වනවිට ආයෝජනය කර ඇති බවත් ඒ සඳහා මෙතෙක් ගෙවූ රුපියල් සියයට 12 ක් වූ පොලී ප්‍රතිශතය සියයට 9 දක්වා අඩු කිරීමට රජය තීරණය කර ඇති බවත් එම පෙත්සම මගින් පෙත්සම්කරු අධිකරණයට කියා තිබිණි. රජය ගෙන ඇති එම තීරණය නිසා තමන් ඇතුළු ලක්‍ෂ 24 ක් පමණ වූ ප්‍රතිලාභීන්ට දැඩි අසාධාරණයක් සිදුවන බව ද හෙතෙම එමගින් අධිකරණයට වැඩිදුරටත් කියා තිබිණි. එම කරුණු සම්බන්ධයෙන් ලබන 11 වැනිදා තීරණයක් ගැනීමට නියමිත බැවින් හදිසි කරුණක් ලෙස සලකා මෙම පෙත්සම කඩිනමින් කැඳවන ලෙසට පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්තිරන් මහතා විනසුරු මඬුල්ලෙන් ඉල්ලා සිටියේය.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment