ජගත් රවින්ද්‍ර යනු ලොව බොහෝ රටවල සහෝදර කලාකරුවන් සමග සාමුහික ප්‍රදර්ශන රාශියකට සම්බන්ධවී තිබෙන අත්දැකීම් සපිරි කලාකරුවෙකි. බොහෝ වැඩමුළු සහ කඳවුරු වෙනුවෙන් ලංකාව නියෝජනය කරමින් ඔහු කලාවේ තවමත් අඛණ්ඩව රැඳී සිටීම විශේෂය. සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ වත්මන් පීඨාධිපතිවරයා වශයෙන් කටයුතු කරන ජගත් රවින්ද්‍ර ලංකාවේ බොහෝ සිත්තරුන්ගේ ගුරුවරයා වූ එච්. ඒ. කරුණාරත්නයන්ගෙන් පසු abstract painting එකේ modern ලක්ෂණ පෙන්වන පෙරටුගාමී කලාකරුවකු ලෙස හැඳින්වීමෙහි වරදක් නැත. හි පුද්ගල ප්‍රදර්ශන 20 ක් පමණ ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් පැවැත්වූ ජගත් රවින්ද්‍ර ගේ සිතුවම් දැක්මක් මේ දිනවල බම්බලපිටිය “පැරඩයිස් රෝඩ්” කලාගාරයේදී නැරඹීමට පුළුවන.

ශ්‍රී ලංකේය සමකාලීන චිත්‍ර කලාවේ ප්‍රමුඛ පෙළේ කලාකරුවෙකු වන ජගත් රවින්ද්‍ර කලාව පිළිබඳ ඔහුගේ උද්යෝගය හා අනන්‍යතාව සමඟ ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රය තුළ මුද්‍රාව තැබූ සිත්තරෙකි. කලාව කෙරෙහි දැක්වූ ඇල්ම සහ කලාව සඳහා වූ පිපාසය මෙන්ම ඔහුගේ කැපවීම ජගත් රවින්ද්‍ර මෙතෙක් දුර ගෙන ඒමට හේතු විනැයි සැලකිය හැක. 90 දශකය තුළ සමාජ දේහයේ ඇති වූ බහුවිධ සමාජ දේශපාලනික තත්ත්වයන් සමග “සුසංවේදී” නමින් සංවිධානය වූ ප්‍රදර්ශනය, ජගත් රවීන්ද්‍ර සමාජය සමග ගනුදෙනු කරන කලාකරුවෙකු ලෙස හඳුනාගැනීමේ ලිට්මස් පරීක්ෂාවකි. වියුක්ත කලාවේ ප්‍රවේශයකින් කැන්වසයට ආවේශය වී සිතුවමෙහි යෙදීම මේ අපූර්ව සිත්තරාගේ ආශාවය.

යම් තරමක ස්වාධීනත්වයක් සහිත සංයුතියක් නිර්මාණය කිරීම සඳහා වියුක්ත කලාව භාවිත කෙරුණු, ලෝකයේ දෘශ්‍ය යොමු කිරීම් වලින් හැඩය, ස්වරූපය, වර්ණය හා රේඛාව යන දෘශ්‍ය භාෂාවන් මෙහි දක්නට ඇත. ආවෛෂයික කලාව එහෙමත් නැත්නම් සංකේතාත්මක නොවන කලාව, නියෝජන නොවන කලාව මේ වියුක්ත කලාව හා සමීප තේරුම් ගෙනෙන පද අතරට ගැනෙන ඒවාය. කලාව නිරූපණයේදී යථාර්ථය ඉක්මවීම වියුක්තකරණය ලෙස ද ගත හැකිය. නිවැරදි නිරූපණයෙන් අර්ධ හෝ සම්පූර්ණ වශයෙන් ඉවත් වෙමින් මේ ක්‍රියාවලිය සිදුවන්නට පිළිවන. සියල්ලෙහි සාරාංශයක් වියුක්තරණයේදී අපට මුණගැසේ. සැබවින්ම, මෙහිදී පූර්ව නිගමනකාරී අවසානයකට වඩා එය තුළම සිදුවන ආත්මය පිරිපහදු කරන වැඩබිමක් අපට සමීප කරවන්නට ජගත් රවින්ද්‍ර සමත් වේ. ඔහුගේ මානසික ආවේශය පොලාපනින්නේ නිරූපණ කලාවේ සොයන්න වෙහෙසෙන කිසිදු නිශ්චිත රූප සහ හැඩ අපට මුණගැසීම මගහැරීමෙනි. අපේ මනසට කලින්ම දී ඇති මූලික අර්ථ සියල්ල කඩාබිඳ දමා නැවතත් ජගත්ගේ මානසික ලෝකය අපේ ලෝකයට දමා ගසන්නේය. එය අපට හදුනාගන්න හැකිවන්නේ abstract සුරතාන්ත අවසානය ලෙසය. ඒ සුරතාන්තයට ළඟා වීමේදී ජගත් රවින්ද්‍ර විසින් දැවැන්ත අවකාශයක් සමග හැසිරෙන්නේය. ඔහු කිසිදු ලෝබකමකින් තොරව තීන්ත අතුරන්නේය. ලෝබකමකින් තොරව කාලය දෙන්නේය. චිත්‍රය ඇතුළෙ ඒ භාෂාව සොයා යෑම හඹා යන ජගත් රවින්ද්‍ර අපට මුනගස්සන මතුපිට හුදු වර්ණ පලත්තයකට එහා මේ සමකාලීන සමාජය සංකල්පියව පෙරාගෙන එළියට පොලාපන්නන වියුක්ත පරිසරයක්. ඇත්තටම අපට සමහර දේවල් භාෂාවට ගෙන්න හැකියාවක් නැත. සොභාදහමේ මුල්ම ලිවීම චිත්‍රයයි. චිත්‍රයේ භාෂාව එයටම අනන්‍ය භාෂාවක්. කොතෙක් අර්ථකථන තිබුණත් චිත්‍රයේ භාෂාව හරහාමයි එය විසඳගන්න වෙන්නෙ. කතිකාව විසින් ගොඩනගන්නේ මෙන්න මේ චිත්‍රකලාවේ භාෂාව භාෂාව ගවේෂණය කරන එක. කාලය, මනස සහ අවකාශය වෙනස්වනවා. ස්වභාවධර්මයේ යථාර්ථය වන සෑම තත්පරයකම ස්වාභාවික සංසිද්ධිවල පුළුල් පරාසයට අනුව එය යළි යළිත් වෙනස් වෙනවා. ජීවිතය යනු මේ සියලු අන්තර් සම්බන්ධිත සිදුවීම් හා පද්ධතිවල ප්‍රතිඵලයක්. මෙම විචිත්‍රවත් සිදුවීම් ජීවිතය සඳහා අර්ථයන් ලබා දෙනවා. වෙනස්කම් ජීවිතයේ සෑම අංශයක්ම පෝෂණය කරන අතරම ජීවිතයේ මූලයන් සලකුණු කරනවා මිනිස් ජීවිතය රඳා පවතින්නේ අප ජීවත් වන කාලය හා අවකාශය මත ය. ඒවා මනෝභාවය, ශරීරය සහ ආත්මය වැනි මනෝභාවයන්, මානසිකත්වයන්, දෘෂ්ටිකෝණයන් වැනි බොහෝ ගුණාංග මත රැඳී සිටින වඩාත් කැපී පෙනෙන අංග. තවදුරටත්, මිනිසුන් සහ දේවල් අතර සබඳතා ගොඩනඟා ගැනීම සඳහා කාලය හා අවකාශය ගමන් කරන අතර ඇතැම් විට එය සියලු සම්බන්ධතා විකෘති කළ හැකිය.

නිශ්චිත රූප සහ හැඩ මුණගැසීම මගහැරීම

“මිනිසෙකු ලෙස, මගේ අභිප්‍රාය වන්නේ ප්‍රසන්න මනසක් පවත්වා ගැනීමයි. මම එම මානසිකත්වයේ ජීවත් වීමට උත්සාහ කරමි.

මම මගේ කැන්වසය මත වැඩ කරමින් සිටිමි. ප්‍රසන්න මානසිකත්වය පවත්වා ගැනීම සදාකාලිකවම විශාල අභියෝගයකි.

අවට වෙනස් වීම. මෙම එකතුව මගේ උත්සාහයේ වෙනස් දෘශ්‍ය අර්ථකථනයකි.

වරින් වර දිලිසෙන සහ වෙනස් කරන මානසිකත්වයේ ප්‍රසන්න අවස්ථා ග්‍රහණය කරගන්න.

අවසාන නිර්මාණයේ මතුපිට පෙනුම බොහෝ මානසික අවධිවල ප්‍රතිඵලයක ඉදිකිරීම් හා විනාශයන් මාලාවක් ලෙස දැකිය හැකිය.”

මේ ජගත් රවින්ද්‍ර කැන්වසය උඩ කළ ක්‍රියාවලියේ භාෂාත්මක සාරය. අපි එකිනෙකා ජීවිතය ස්පර්ශ කරන ආකාරය වෙනස්. ජීවිතය යනු සියල්ලමය.

● ප්‍රගීත් රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment