දියවැළකට හසුවූ රුසියානු ජාතිකයින් බේරා ගැනේ

276


හික්කඩුව පනංගොඩ මුහුදු තිරයේ දිය නාමින් සිටියදි දියවැළකට හසුවි ගසාගෙන ගොස් සිටි රුසියානු ජාතිකයින් දෙදෙනෙකු ඊයේ (17) රාත්‍රි පොලිස් ජිවිතාරක්ෂක නිලධාරින් හා නාවික හමුදාවේ ජිවිතාරක්ෂක නිලධාරින් එක්ව බේරාගත් බව හික්කඩුව පොලිසිය පවසයි.

බේරාගත් රුසියානු ජාතික විදේශකයින් දෙදෙනා වයස අවුරුදු 27 හා 29 වැනිවියේ පසුවෙති. මොවුන් දෙදෙනා හික්කඩුව ප්‍රදේශයේ සංචාරක හෝටලයක නතරව සිට ඇත.

ඊයේ පස්වරුවේ දියනෑම සදහා හික්කඩුව පනංගොඩ මුහුදු තිරයට පැමිණ තිබේ.

මුහුදු තිරයේ දියනාමින් සිටියදි දියවැළකට හසුවි මොහුන් දෙදෙනා මිටර් 800ක් පමණ ගැඹුරු මුහුදට ගසාගෙන ගොස් ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment