වැඩේ භාරදුන් ක්‍රිකට් ලොක්කන්ගෙන් කරුණු අසයි

256

උමාරාගේ ප්‍රකාශ අද හෝ හෙට

ජාතික ගීය විකෘති කර ගායනා කළ බවට චෝදනා එල්ල වූ උමාරා සිංහවංශ, එල් පී එල් සමාරම්භක උත්සවයේදී එම ගායනයට තෝරා ගත්තේ කාගේ වුවමනාව මතදැයි රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශ විමර්ශන අංශ නිලධාරීන් ක්‍රිකට් පාලක මණ්ඩලයට ගොස් ඊයේ (02 දා) විමසා තිබේ.

මීට අමතරව තවත් විමර්ශන නිලධාරීන් පිරිසක් අධ්‍යාපන අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්‍ෂ (සංගීත) මුණගැසී අදාළ ජාතික ගීයට අදාළ තනුව හා එම විකෘතිතාව පිළිබඳ විශේෂඥ උපදෙස් ලබාගෙන ඇත.

මෙම ප්‍රධාන තොරතුරු දෙක සම්බන්ධයෙන් ලබාදුන් විශේෂඥ උපදෙස් වලින් පසුව අද (03 දා) හෝ හෙට (04 දා) චෝදනා එල්ල වී සිටින උමාරා සිංහවංශ ගෙන්වා ඇගෙන් ද ප්‍රකාශයක් ලබාගැනීමට රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශ විමර්ශන අංශය තීරණය කර තිබේ.

මෙම විමර්ශනවලින් පසුව අමාත්‍යාංශ ලේකම් වෙත අදාළ වාර්තාව ලබාදී ඊට පසු නීතිපති උපදෙස් මත ඉදිරි පියවර ගැනීමට නියමිතය.
ශිරාන් රණසිංහ, චමින්ද සිල්වා, නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment