කෝටි 400 ක කුඩු – අයිස් බෝට්ටු දෙක අත්අඩංගුවට: ශ්‍රී ලාංකිකයෝ 10ක් දැලේ

200

රුපියල් කෝටි 400 කට අධික වටිනාකමෙන් යුත් අයිස් සහ හෙරොයින් තොගයක් රැගෙන ශ්‍රී ලංකාව බලා යාත්‍රා කරමින් තිබූ බෝට්ටු දෙකක් නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය මගින් ඊයේ (16දා) අලුයම දකුණු මුහුදේදී අත්අඩංගුවට ගෙන ඇත.

මෙම හෙරොයින් තොගය සමග ශ්‍රී ලාංකිකයන් දසදෙනකු ද අත්අඩංගුවට ගෙන තිබේ.

කෝටි 400 ක කුඩු - අයිස් බෝට්ටු දෙක අත්අඩංගුවට: ශ්‍රී ලාංකිකයෝ 10ක් දැලේ

මෙම යාත්‍රා දෙකේ අයිස් සහ හෙරොයින් කිලෝග්‍රෑම් 200කට වැඩි ප්‍රමාණයක් තිබී ඇත. පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයට ලැබී තිබූ තොරතුරක් මත සති කීපයක් තිස්සේ කළ මෙහෙයුමකින් පසු මෙම හෙරොයින් තොගය සමග සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකි විය.

හම්බන්තොටට දකුණින් මුහුදේ දී මෙම හෙරොයින් තොගය රැගත් යාත්‍රා දෙක නාවික හමුදා නිලධාරීන්ට කොටුකර ගැනීමට හැකි විය.

හෙරොයින් තොගය සහ සැකකරුවන් රැගත් යාත්‍රා දෙක ඊයේ සවස් කාලයේදී හම්බන්තොට වරායට රැගෙන ඒමට නියමිතව තිබිණි.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යයි.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment