කළු කඩ අළු කරන පනතක්!

238

පාරිභෝගිකයන් ගසාකන වෙළෙඳුන්ගේ වෙළෙඳ බලපත්‍ර අහෝසි කිරීම සඳහා ඉදිරි දින කීපය ඇතුළත පනතක් සම්මත කිරීමට කටයුතු කරන බව වෙළෙඳ ඇමැති නලින් ප්‍රනාන්දු මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ ට ප්‍රකාශ කළේය.

රටේ පැනනැගී තිබෙන තත්ත්වය මුවාවෙන් බොහෝ වෙළෙඳුන් භාණ්ඩවල මිල හිතූ හිතූ ලෙස ඉහළ යවා අහිංසක පාරිභෝගිකයන් ගසාකෑමට පටන්ගෙන තිබෙන බවද ඇමැතිවරයා කීවේය. බිත්තර, කුකුළුමස්, හාල්, කිරිපිටි, රසකැවිලි වර්ග ඇතුළු භාණ්ඩ රැසක් ඇතැම් කූඨ වෙළෙඳුන් මෙසේ වැඩිමිලට විකුණන බවද ඇමැතිවරයා කීවේය.
නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment