ජල පොලු තිබ්බ අයට අද සිට වැඩ වරදියි

106

බිල්පත් හිඟ පාරිභෝගිකයන්ගේ ජල සැපයුම් ජනවාරි මස 01 වැනිදා සිට විසන්ධි කිරීමට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය තීරණය කර ඇත.

පාරිභෝගිකයන්ගෙන් රුපියල් මිලියන 7500ක හිඟ මණ්ඩලයට අයවීමට ඇති බව එහි ප්‍රකාශකයෙක් ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවැසීය.

මෙම හිඟ මුදල රුපියල් මිලියන 5500ක් ගෘහස්ථ ජල පාරිභෝගිකයින් ද, රුපියල් මිලියන දහසක් රාජ්‍ය ආයතනවලින් ද තවත් රුපියල් මිලියන දහසක් ව්‍යාපාර/සමාගම්/හෝටල් ආශ්‍රිතව ද අයවීමට තිබෙන බව ද හෙතෙම කීය.

2023 හිඟ මුදල් අය කර ගැනීමේ වසර ලෙස නම් කර ඇති බවත් ගෙවීම් පැහැර හරින ජල පාරිභෝගිකයින්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට ද මණ්ඩලය තීරණය කර ඇත. මාස කීපයක් බිල්පත් නොගෙවූ රාජ්‍ය ආයතනවලට එරෙහිව නීතිමය පියවර ගැනීමට අදාළ ලිපි ගොනු නීතිපතිවරයා වෙත යොමු කර තිබෙන බවත් ලිපි ගොනු ලැබුණු වහාම නඩු පැවැරීමට පියවර ගන්නා බවත් හෙතෙම පැවැසීය.

බස්නාහිර පළාතේ ජල පාරිභෝගිකයෝ වැඩි පිරිසක් මාසික බිල්පත් ගෙවීම් ප්‍රමාද කර ඇති බව කී එම ප්‍රකාශකයා ජනවාරි මස 01 වැනිදා සිට ජල සැපයුම් විසන්ධි කිරීම දිස්ත්‍රික් මටිටමින් සිදු කෙරෙන බවත් කීවේය.

මාස 03 ක් හෝ ඊට වැඩි කාලයක් බිල්පත් ගෙවීම් පැහැර ඇති පාරිභෝගිකයන්ගේ සැපයුම් විසන්ධි කිරීමට අදාළ ලේඛන දිස්ත්‍රික් කාර්යාලවලට ලබාදී තිබෙන බව ද හෙතෙම පැවැසීය.

මාතලේ – නිමල් ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment