සංචාරක ප්‍රවාහන ගාස්තු අඩු කළැයි හික්කඩුවේ විරෝධතා

260

හික්කඩුව සංචාරක පුරවරයේ සංචාරක මඟ පෙන්වන්නන් කුලී රථ සහ ත්‍රිරෝද රථ රියැදුරන් මෙන්ම ඒ ආශ්‍රිත රැකියාවල නියතු පිරිසක් හික්කඩුව නගරයේ වීරෝධතාවක නිරත වූහ.

විරෝධතාකරුවන් ප්‍රකාශ කර සිටියේ හික්කඩුව නගරයට පැමිණෙන සංචාරකයන්ට අවට ප්‍රදේශවල සංචාරය කිරීම සඳහා සංචාරක ප්‍රවාහන සේවා සපයන නගරයේ පිහිටි ආයතන කිහිපයක මිල අඩුකිරීම නිසා රටට ලැබිය යුතු විදේශ විනිමය අඩුවීම සහ ඒ ආශ්‍රිත සේවයේ නියුතු විශාල පිරිසකට සිය රැකියාව අහිමිව යෑමේ අවදානමකට ලක්ව ඇති බවයි-

විරෝධතා වැකි සඳහන් පුවරු රැගෙන නගරය පුරා සටන් පාඨ කියමින් ඔවුන් පාගමනක යෙදුනු අතර පසුව එම ස්ථානයට පැමිණි හික්කඩුව පොලිස් ස්ථානාධිපතිවරයා එම විරෝධතාකරුවන් සමඟ සාකච්ජාවක නිරත විය- එහිදී ඔහු සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලෙසත් පසුව එයට නිත්‍යානුකූල පියවර ගැනීමට කටයුතු බවත් කියා සිටියේය.

වැලිවිටිය – දිවිතුර උපුල් මහේෂ්

advertistmentadvertistment
advertistmentadvertistment