යාපනය – කොළඹ දුම්රිය තාණ්ඩික්කුලමේදී ගිනි අරන්

478

යාපනයේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ සීග‍්‍රගාමී දුම්රියක 9 දා සවස ගින්නක් හට ගෙන තිබේ. වවුනියාවේ තාණ්ඩික්කුලම දුම්රිය ස්ථානයට නුදුරු ප‍්‍රදේශයේදී එක්වරම දුම්රිය ගිනිගෙන තිබේ.

 දුම්රිය කාර්ය මණ්ඩලය වහාම ක‍්‍රියාත්මක වී ගිනි නිවන උපකරණවල ආධාරයෙන් ගින්න මැඬපවත්වා පැය කීපයක ප‍්‍රමාදයකින් පසුව දුම්රිය යළිත් වවුනියාවේ සිට කොළඹට ගමන් ආරම්භ කොට තිබේ. දුම්රියේ හටගත් මෙම ගින්න පිළිබඳව දුම්රිය දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කොට තිබේ.

 දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment