ඉන්දීය ධීවරයන්ට එරෙහිව ධීවරයෝ දහස් ගණනක් මන්නාරමේදී වීදි බසිති

55

ඉන්දීය ධීවරයන් යළිත් වරක් විශාල වශයෙන් උතුරු මුහුදට පැමිණීමට විරෝධය පළකරමින් මන්නාරමේ ධීවරයෝ දහස් ගණනක් මන්නාරම් නගරයේ පෙළපාලි යමින් පෙරේදා (23 දා) විරෝධය දක්වා සිටියහ.

මන්නාරම් ධීවර සංගම්වල විරෝධතාවට සහාය දක්වමින් මන්නාරමේ එක්සත් වෙළෙඳ සංගමය නගරයේ සියලුම වෙළෙඳසැල් වසා දමා ඉන්දීය ධීවරයන්ට එරෙහි විරෝධතාවට සහාය දැක්වූහ. කිතුනු පූජකවරුන්ද ධීවර සංගමයේ විරෝධතාවට සහාය දක්වමින් ධීවරයන් සමග මහමඟට බැස විරෝධතා පෙළපාලියේ ගමන් කළහ. ධීවර සංගම් නියෝජිතයෝ කියා සිටින්නේ නාවික හමුදාව යාපනය දෙසට පැමිණෙන ඉන්දීය ධීවරයන් වැඩි වශයෙන් අත් අඩංගුවට ගන්නා විට ඉන්දීය ධීවරයෝ විශාල පිරිසක් මන්නාරම් මුහුදට පැමිණ බලහත්කාරයෙන් මසුන් මරණ බවයි. කෙසේ හෝ නීති විරෝධී ලෙස උතුරු මුහුදට පැමිණෙන ඉන්දීය ධීවරයන්ගේ බලහත්කාර ආක්‍රමණය වහාම නතර කරන ලෙස ඉල්ලමින් මන්නාරමේ විරෝධතාවට සහභාගී වූ පිරිස, රජයටත් නාවික හමුදාවටත් යාපනයේ පිහිටි නියෝජ්‍ය ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයටත් යැවීම සඳහා ලිපි මන්නාරම දිසාපති කාර්යාලය වෙත භාරදී තිබුණි.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment