මහ බැංකුව දශම 5කින් පොලිය බස්සයි

123

ශ්‍රී ලංකාව වහාම ක්‍රියාත්මක වන පරිදි මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික සියයට 0.5කින් (පදනම් අංක 50කින්) අඩු කළ බව මහ බැංකුව පවසයි.

මේ අනුව මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය පිළිවෙළින් සියයට 8.5 සහ සියයට 9.5 දක්වා සියයට 0.5කින් අඩුකර ඇති අතර මීට අනුරූපව බැංකු පොලී අනුපාතික ද අඩුවිය යුතු යැයි ශ්‍රී ලංකා මහ බැංකුව අවධාරණය කරයි.

ආර්ථිකයට ළඟා වීමට හැකියාව ඇති නිෂ්පාදන මට්ටම කරා ළඟා වීමට සහාය වෙමින් මැදිකාලීනව උද්ධමනය ඉලක්කගත සියයට 5ක මට්ටමේ පවත්වාගෙන යෑම සඳහා වත්මන් සහ අපේක්ෂිත දේශීය හා ගෝලීය සමස්ත ආර්ථික ප්‍රවණතා පිළිබඳව මනාව සලකා බැලීමෙන් අනතුරුව මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය විසින් මේ තීරණය ගත් බව ශ්‍රී ලංකා මහ බැංකුව තවදුරටත් පවසයි.

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (25දා) උදේ මහ බැංකු මූලස්ථානයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මේ තොරතුරු අනාවරණය කෙරිණි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment