හොරෙන් ගෙනා සීනි මෙට්‍රික්‌ ටොන් 1200 ක් රාජසන්තකයි

200

නීති විරෝධීව මෙරටට ආනයනය කරන ලද රතු සීනි මෙට්‍රික්‌ ටොන් 600 ක් සහ සුදු සීනි තවත් මෙට්‍රික්‌ ටොන් 600 ක් ඊයේ (06 දා) සවස රාජසන්තක කරන ලදි.

රේගු නීති උල්ලංඝනය කරමින් මේවා ආනනය කර ඇති නිසා මෙසේ රාජසන්තක කෙරිණි.

රතු සීනි දැනට ලංකාවේ නිෂ්පාදනය කරන නිසා ලංකාවට රතු සීනි ආනයනය දැනටමත් තහනම් කර තිබියදී මෙසේ මේවා ගෙන්වා ඇත. කන්ටේනර් 30 ක මෙම රතු සීනි ආනයනය කර තිබූ අතර, ඒවා පෑලියගොඩ ප්‍රදේශයේ පෞද්ගලික ගබඩාවක තැනපත් කර තිබියදී ඊයේ (06 දා) සවස මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා රේගු නිලධාරීන් සමඟ එම සීනි තොගය පරීක්‍ෂාකර බලා එය රාජසන්තක කිරීමට පියවර ගත්තේය.

අදාළ කන්ටේනර්වල සුදු සීනි සමඟ සඟවා රතු සීනි ආනයනය කර තිබීම නිසා රේගු නීති උල්ලංඝනය කිරීම මත එම මෙට්‍රික්‌ ටොන් 1200 ක සීනි තොගයම රාජසන්තක කිරීමට පියවර ගෙන තිබේ.

පිංතූරය- නිශාන් එස්. ප්‍රියන්ත
ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment