මෙරට කතුන් ලක්‍ෂයකින් 27 කට පියයුරු පිළිකා

224

රෝගීන් ලක්‍ෂයකින් 11 ක් මරුට

2020 වසරේ වාර්තාවලට අනුව මෙරට කාන්තාවන් ලක්‍ෂයක් අතරින් 27 දෙනකු පියයුරු පිළිකා රෝගීන් බවට හඳුනාගෙන ඇති බවත් ඉන් ලක්‍ෂයකින් 11 දෙනකු මියයෑමේ තත්ත්වයක් හෙළිවී ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

පියයුරු පිළිකා හේතුවෙන් මියගිය වැඩි පිරිස වයස අවුරුදු 45 – 50 ඉක්මවු කාන්තාවන් බවද එම වාර්තාවලින් හෙළිවෙයි.

පියයුරු පිළිකා පිළිබඳ දැනුවත් වීම සඳහා වන නව වෙබ් අඩවියක් පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශයේදී හඳුන්වා දුන් අතර ජාතික පිළිකා මර්දන වැඩසටහන සෞඛ්‍ය අමාත්‍යාංශය හා එක්ව මෙම වෙබ් අඩවිය හඳුන්වා දෙනු ලැබිණි. සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් මෙය සිදු කෙරුණු අතර breastcancerdetect.health.gov.lk යන වෙබ් අඩවියෙන් ඊට පිවිසිය හැක.

පිළිකාව පිළිබඳ දැනුවත් වීම පරීක්‍ෂාවන් සඳහා දිනයක් වේලාවක් මාර්ගගත ක්‍රමය ඔස්සේ වෙන් කර ගැනීම මෙමගින් සිදු කරගත හැක. ජාතික පිළිකා මර්දන වැඩසටහනේ පස් අවුරුදු සැලැස්ම ඔස්සේ මෙම වැඩසටහන ක්‍රියාවට නැංවෙයි. 2019 දී මෙරටින් පියයුරු පිළිකා රෝගීන් 4447 ක් වාර්තා වු අතර එය 2020 වන විට 5000 ඉක්මවා තිබේ. 2019 දී වාර්තා වු රෝගීන්ගෙන් 60% ක් එයට පෙර හඳුනා ගැනුණු පළමු හා දෙවන මට්ටමේ රෝගීන්ය.

මෙහිදී අදහස් දැක්වූ ජාතික පිළිකා මර්දන වැඩසටහනේ අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය ඊෂානි ප්‍රනාන්දු මහත්මිය.

පියයුරු පිළිකාව කලින් හඳුනා ගතහොත් ශල්‍යකර්ම ඖෂධ භාවිතය විකිරණ ක්‍රමවේද මගින් නිට්ටාවටම සුවකර ගත හැකි බවත් පියයුරු ආශ්‍රිත සම ඝනවීම, සම මතුපිට වළ ගැසීම, තනපුඩුව මත කුෂ්ඨ ඇති වීම, තන පුඩුවෙන් අසාමාන්‍ය දියරයක් ගැලීම, තනපුඩුව ඇතුළට ගිලීම, තද ගැටිති, පියයුරුවල ප්‍රමාණය හා හැඩය වෙනස් වීම වැනි රෝග ලක්‍ෂණ ඇත්නම් එම වෙබ් අඩවිය මගින් ලියාපදිංචි වී දිනයක් වේලාවක් වෙන් කරගෙන හෝ පිළිකා කලින් හඳුනා ගැනීමේ මධ්‍යස්ථානයකට හෝ රජයේ වෛiවරයෙකු වෙත යොමු වීමෙන් මේ සඳහා ප්‍රතිකාර ලබාගත හැකි බවත් පෙන්වා දුන්නාය. පිළිකා කලින් හඳුනා ගැනීමේ ප්‍රධාන මධ්‍යස්ථානය වන නාරාහේන්පිට ජාතික පිළිකා මර්දන කාර්යාලයට අමතරව රත්නපුර, මාතර සහ යාපනය යන දිස්ත්‍රික්කවල එවැනි මධ්‍යස්ථාන ක්‍රියාත්මක අතර එයට අමතරව දිවයිනේ ප්‍රධාන රෝහල් 24 ක පියයුරු පිළිකා සායන පැවැත්වේ.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment