ශතකලාභී මලිත් සහ කවීජ මහනුවර කලාප 3ට ජය ගෙනෙති

76

මහනුවර කලාප 3 කණ්ඩායමේ මලිත් ලක්ෂාන් (155) සහ කවීජ ගමගේ (129) එක්ව පවත්වන ලද ශතක සම්බන්ධතාව ප්‍රධාන කොට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන වයස අවුරුදු 19 න් පහළ දිස්ත්‍රික් ක්‍රිකට් තරගාවලිය යටතේ අම්පාර පිලට එරෙහිව ලකුණු 156 ක විශිෂ්ට ජයක් වාර්තා කර ගැනීමට මහනුවර කලාප 3 කණ්ඩායමට පෙරේදා (22 දා) හැකියාව ලැබිණ.

මොවුන් දෙදෙනාගේ ශතක හේතුවෙන් මහනුවර කලාප 3 කණ්ඩායමට නියමිත පන්දුවාර 50 අවසනදී කඩුලු 3 කට ලකුණ 378 ක දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් වාර්තා කර ගැනීමට අවස්ථාව උදාවිය. අම්පාර පිල පන්දුවට පහර දෙන අවස්ථාවේදී තරගයට වර්ෂාව හරස් වූයෙන් ඉලක්කය පන්දුවාර 22 කදී ලකුණු 229 ක් වශයෙන් සංශෝධනය විණ. ඒ අනුව එම අවස්ථාව වන විට අම්පාර පිතිකරුවන් රැස් කර ගැනීමට සමත්ව සිටියේ කඩුලු 7 ක් දැවී ලකුණු 72 ක් පමණි.

advertistmentadvertistment
advertistmentadvertistment