පෙම්වතිය හැර ගියැයි ගාල්ලේදී මුහුදට පනින්න ගිය චීනා රිමාන්ඩ්

1025

ගාල්ලේ ප්‍රදීපාගාරය අසල කොටුබැම්මට නැග මුහුදට පැන දිවිනසා ගැනීමට තැත් කළ චීන ජාතිකයකු ගාල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන මස 06 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කර ඇත.

මෙම චීන ජාතිකයා හන්ජින් නමැති 33 හැවිරිදි තරුණයකු වන අතර සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි අයකු බවත් ඔහුගේ වීසා අවලංගු වී ඇති බවත් පොලිසිය කියයි.

මෙම චීන ජාතිකයාගේ පෙම්වතිය ඔහු අතහැරයෑම නිසා සිත් තැවුලට පත්ව දිවිනසා ගැනීමට තීරණය කර ඇති බවටද හෙළි වී ඇත.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment