බම්බලපිටියේ තට්ටු තුනක සුපිරි ගණිකා නිවස වටලයි: තරුණියන් 6ක් ඇතුළු 7ක් දැලේ

345

බම්බලපිටිය ද ෆොන්සේකා පාරේ පිහිටි සුපිරි නිවසක පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් ඊයේ (13 දා* රාති‍්‍ර වැටලූ වලාන දූෂණ මර්දන ඒකකය සුරූපී තරුණියන් හයදෙනකු ඇතුළු හත්දෙනකු අත්අඩංගුවට ගෙන ඇත.

වලාන දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක ඉන්දික වීරසිංහ මහතාට ලැබුණු තොරතුරකට අනුව ඊයේ රාති‍්‍ර 7.00 ට පමණ කළ වැටලීමකදී මෙම තරුණියන් අත්අඩංගුවට ගැනීමට හැකි විය.

මෙම ගණිකා නිවාසයේ ඉන්දීය සුරූපිනියන් පිරිසක් ද සිට ඇති අතර වැටලීම සිදු කරන අවස්ථාවේ ඔවුන් කිසිවකු එහි සිට නැත.
මෙම ගණිකා නිවාසයේ තරුණියන් රුපියල් පහළොස් දහසේ සිට ඉහළ මිල ගණන් යටතේ අලෙවි කර ඇත.

මෙම සුපිරි නිවස මහල් තුනකින් සමන්විත වන අතර එහි ඉහළ මහල් දෙකේ ඇති කාමර තරුණියන්ගේ සේවය සඳහා වෙන් කර තිබී ඇත.
වලාන දූෂණ මර්දන ඒකකයේ අධ්‍යක්‍ෂ පොලිස් අධිකාරි උදය කුමාර මහතාගේ අධීක්‍ෂණය යටතේ ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක ඉන්දික වීරසිංහ ඇතුළු නිලධාරීහු විමර්ශන පැවැත් වූහ.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment