මෛත්‍රීගේ පවුල් සෞඛ්‍යය සජිත් ගනී

706

සමගි ජන බලවේග සෞඛ්‍ය ප්‍රතිපත්ති සම්පාදන කමිටුවේ ජාතික පවුල් සෞඛ්‍ය සේවා ප්‍රතිපත්ති සම්පාදන කමිටුවේ සහ රෝග නිවාරණ ප්‍රතිපත්ති උපදේශක කමිටුවේ විධායක සාමාජික ධුරය සඳහා එම්. ජී. දේවිකා කොඩිතුවක්කු මහත්මියව පත් කිරිමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කර තිබේ.

ඇය රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ සභාපති ධුරය දරන අතර දේශපාලන සහ සමාජ ක්‍රියාකාරිනියක ලෙස ද කටයුතු කරමින් සිටියි. 1969 අගෝස්තු මස පේරාදෙණියේදී උපත ලද ඇය පේරාදෙණිය සරසවි උයන විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබීමෙන් අනතුරුව මහනුවර හේමමාලි බාලිකා විද්‍යාලයේ විද්‍යා අංශයෙන් ද්විතීක අධ්‍යාපනය ලැබුවායග පාසල් සමයේ සිටම විෂය බාහිර ක්‍රියාකාරකම්වල නිරතව සිටි ඇය රතු කුරුස සමාජයට එක්වී ඉතා කෙටි කාලයක් තුළ රතුකුරුස හෙදියක් ලෙස ද කටයුතු කිරිමට වරම් ලැබීය.

දශක දෙකකට වැඩි කාලයක් පුරා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ට සිදුවන අසාධාරණකම් සඳහා නොබියව පෙනී සිටි ඇය රාජ්‍ය සේවා වෘත්තීය සමිති සම්මේලනයේ නියෝජ්‍ය සභාපතිනිය සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ සම්මේලනයේ කැඳවුම්කාරිනිය ආදී තනතුරු රැසක් ද හෙබවා තිබේ.

ඇය සෞඛ්‍ය සේවාව වෙනුවෙන් ඉටු කළ ඉමහත් සේවාව හේතුවෙන් සාම ශ්‍රී දේශාභිමාණී සේවා කීර්ති සම්මානයෙන්ලමාස් ලංකා ගෞරව සම්මානයෙන් සහ සමස්ත ලංකා සංස්කෘතික පරිසර සුරැකීමේ සංවිධානය විසින් පිරිනැමූ ගෞරව ආචාර්ය සම්මානයකින් ද පිදුම් ලැබීය.

ඇය දේශපාලනික වශයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ ශ්‍රීලනිප දේශපාලන කටයුතුවලදී දැඩි දසයෝගයක් ලබා දෙනු ලැබුවාය.

advertistmentadvertistment
advertistmentadvertistment