මහරගම බිත්තියක් කඩා වැටී පුදගලයකු මරුට

99


මහරගම හයිලෙවල් මාර්ගය ආසන්නයේ ගොඩනැගිල්ලක් කඩා ඉවත් කරමින් සිටි සේවකයින් දෙදෙනෙකුගේ ඇඟ මතට බිත්තියක් කඩා වැටී එක් පුදගලයකු (45) ජීවිතක්ෂයට පත්ව තිබේ.

එම බිත්තියට යටවීමෙන් අදාළ සේවකයින් දෙදෙනා තුවලා ලබා කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති අතර එලෙස ඇතුළත් කිරීමේදී එම පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇත.

මෘත ශරීරය මේ වනවිට කළුබෝවිල රෝහලේ තැන්පත් කර ඇත. තුවාල ලැබූ අනෙක් පුද්ගලයා කළුබෝවිල රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි.

advertistmentadvertistment
advertistmentadvertistment