පාසල් දරුවන්ට අව්වේ යන්න එපා කියයි

179

දැනට පවතින අධික උණුසුම තවදුරටත් ඉහළ යා හැකි බැවින් අද (28) හෙට (29)සහ අනිද්දා (01) යන දිනවල පාසල් සිසුන් එළිමහනේ රැඳවීමෙන් වළකින ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර සිටී.

ඒ අනුව කිසිදු පාසලක සිසු දරුවන් ඉහළ උෂ්ණත්වය ඇති අවස්ථාවන්හි එළිමහන් ක්‍රීඩා පුහුණු කටයුතු හෝ ක්‍රීඩා උත්සව හෝ වෙනත් බාහිර ක්‍රියාකාරකමකට හෝ යෙදවීමෙන් වළකින ලෙස දැනුම් දී ඇත.

සියලුම පාසල් විදුහල්පතින්ට මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා මේ වනවිටත් පළාත් සහ කලාප අධ්‍යාපන බලධාරීන් වෙත යොමු කර ඇති අතරල සෞඛ්‍ය අමාත්‍යාංශය හා අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව පාසල් වෙත නිකුත් කර ඇති උපදෙස් අනුව ඉදිරියේ දී කටයුතු කරන ලෙස අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment