සමරු සටහනක් ඉල්ලා පැමිණි අයෙක් දකුණු කොරියානු විපක්‍ෂ නායකගේ බෙල්ලට පිහියෙන් ඇනලා

220

දකුණු කොරියාවේ විපක්ෂ නායක ලී ජේ-මියුන් පිහි ඇනුමකට ලක්ව තිබේ.

එරට දකුණේ පිහිටි බුසාන් නගරයේ සංචාරයක යෙදී සිටියදී විපක්ෂ නායකවරයාගේ බෙල්ලට පිහියෙන් ඇන තිබෙන බව එරට මාධ්‍ය කියයි.

බුසාන් හි යෝජිත ගුවන් තොටුපළ භූමියේ සංචාරය කරමින් සිටියදී නාඳුනන පුද්ගලයකු විසින් ලීට ප්‍රහාරයක් එල්ල කර ඇති අතර ප්‍රහාරකයා විපක්ෂ නායකවරයාගේ නම සහිත තොප්පියක් පැළඳ සිටි වයස අවුරුදු 50 ක් 60 ක් අතර පුද්ගලයෙකි.

විපක්ෂ නායකයාගෙන් සමරු සටහනක් ඉල්ලා පැමිණි මේ පුද්ගලයා හදිසියේම ඉදිරියට ගොස් ඔහුට පිහියෙන් පහර දුන් බව පුවත් වාර්තා කරයි. ප්‍රහාරකයා වහාම අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ කටයුතු කර තිබේ.

ප්‍රවෘත්ති ඡායාරූපවල දැක්වෙන්නේ ප්‍රහාරයෙන් පසුව විපක්ෂ නායකවරයා ඔහුගේ දෑස් වසාගෙන බිම වැතිර සිටින අතර ආරක්ෂකයින් ඔහුගේ බෙල්ලට ලේන්සුවක් තද කරන ආකාරයයි.

ලී 2022 අගෝස්තු මාසයේ සිට ප්‍රධාන විරුද්ධ පක්ෂයට නායකත්වය දුන්නේය. දකුණු කොරියාවේ මීළඟ පාර්ලිමේන්තු මැතිවරණය අප්‍රේල් මාසයේදී පැවැත්වීමට නියමිතය.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment