කොවිඩ් ජේ.එන්.-1 ගැන ජනතාව ඇනුවත් කරන්න – වෛද්‍ය හරිත අලුත්ගේ

787

කොවිඩ් – 19 වෛරසයේ ජේ. එන් – 1 උප ප්‍රභේදය පිළිබඳව අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ කඩිනමින් මහජනතාවට නිකුත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගත යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම්, වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ‘දිවයින’ ට ඊයේ (26 දා) සඳහන් කළේය. කොවිඩ් වෛරසයේ මෙම විකෘති ප්‍රභේදය මේ වනවිට රටට ඇතුළුවී ඇති බවට විශ්වාසයක් පවතින බැවින් තවදුරටත් ගුවන් තොටුපළ ආවේක්‍ෂණ ක්‍රියාවලිය සහ පරීක්‍ෂණ කටයුතු ද පුළුල් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ක්‍රියා කළ යුතු බව ද වෛද්‍යවරයා පැවැසීය.

එමෙන්ම දියවැඩියා, පිළිකා, ඇදුම, හෘද රෝග රෝගීන් සහ ගර්භණී මවුවරුන් ඇතුළු අවදානම් කණ්ඩායම් පිළිබඳව අවධානය යොමු කළ යුතු බවත් කලින් ක්‍රියාත්මක කළ කොවිඩ් සෞඛ්‍ය මාර්ගෝපදේශ යළි බලාත්මක කිරීම සඳහා කඩිනමින් ක්‍රියාත්මක වීම ද සෞඛ්‍ය අමාත්‍යාංශයේ වගකීම වනු ඇති බව ද වෛද්‍යවරයා සඳහන් කළේය.

ලෝක සෞඛ්‍ය සංවිධානය මේ නව කොවිඩ් විකෘති උප ප්‍රභේදය ගැන සැලකිලිමත් විය යුතු ප්‍රභේදයක් ලෙස අර්ථ දක්වා තිබෙනවා. කොවිඩ් ගෝලීය වසංගත තත්ත්වයෙන් මිදුනත්, මෙවැනි ඒකකය ප්‍රභේද ඕනෑම අවස්ථාවක මතු විය හැකියි. විශේෂ අවධානයක් නොගත්තත්, පවතින අවදානම සන්නිවේදනය කිරීම වැදගත්. විශේෂයෙන් අවදානම් කණ්ඩායම් හෝ මුව ආවරණ පැළඳීම, දෑත් සේදීම වැනි සෞඛ්‍ය ක්‍රියාවන් සිදු කළ යුතු ද යන්න සෞඛ්‍ය අමාත්‍යාංශය කඩිනමින් දැනුවත් කළ යුතුයි.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment