මිනුවන්ගොඩ රෝහලට ගත් එක්ස්රේ යන්ත්‍රය මුදල් නාස්තියක් – විකිරණ විද්‍යා තාක්ෂණවේදී සංගමය

77

තාක්ෂණික ඇගයීම් කමිටුව සහ විකිරණ තාක්ෂණවේදීන්ගේ සහාය ලබා නොගෙන රුපියල් ලක්ෂ 345ක් වැයකර මිනුවන්ගොඩ මූලික රෝහලට මිලදී ගෙන ඇති ‘එක්ස්’ කිරණ යන්ත්‍රය රජයේ මුදල් අවභාවිතාවක් බව රජයේ විකිරණ විද්‍යා තාක්‍ෂණවේදීන්ගේ සංගමය පවසයි. මෙම යන්ත්‍රය මේ වනවිටත් නිසි ලෙස ක්‍රියාත්මක තත්ත්වයේ පවතින බවට තහවුරුවී නොමැති බැවින් එම යන්ත්‍රයට සම්පූර්ණයෙන් මුදල් ගෙවා නොමැති නම් එය නොකළ යුතු බව ද එම සංගමය කියයි.

බස්නාහිර පළාත් සභාව විසින් මෙම යන්ත්‍රය ලබා දී ඇතත් එය මිලදී ගැනීමේදී තාක්ෂණික ඇගයීම් කමිටුවට විකිරණ තාක්ෂණවේදී නිලධාරියකු සම්බන්ධකර ගත්තේ නම් ලක්ෂ 150 ත් 180 ත් අතර මුදලකට එම යන්ත්‍රය මිලදී ගැනීමට හැකි වන බව ද එම සංගමය පෙන්වා දෙයි.

මිනුවන්ගොඩ මූලික රෝහල දිනපතා ඉතා අඩු විකිරණ පරීක්‍ෂණ ප්‍රමාණයන් ඉල්ලුම් කරන රෝහලක් වන අතර එවැනි රෝහලකට මෙවැනි යන්ත්‍රයක් අනවශ්‍ය බවත්, නවීන පරිගණක තාක්ෂණයෙන් යුත් යන්ත්‍රයක් මෙවැනි කුඩා රෝහලකට ප්‍රමාණවත් බවත් එබැවින් මෙම මිලදී ගැනීමට රජයේ මුල් අනවශ්‍ය ලෙස අවභාවිත කිරීමක් බවත් එම සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම මහතා පවසයි

සුජීව තත්ත්සර

advertistmentadvertistment
advertistmentadvertistment