අයවැයෙන් පසු තේපැන් වෙනුවට දිවා භෝජන සංග්‍රහයක්

278

මෙවර අයවැය ඉදිරිපත් කිරීමෙන් පසු සම්ප්‍රදායිකව පවත්වන තේ පැන් සංග්‍රහය වෙනුවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊයේ (13දා) පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ සෙසු ආරාධිතයන් වෙනුවෙන් දිවා භෝජන සංග්‍රහයක් ලබා දී ඇත.

පාර්ලිමේන්තු කටයුතු ඊයේ මධ්‍යහන 12.00ට ආරම්භ වීම සහ සවස 02.00 පමණ වන විට අයවැය ඉදිරිපත් කර අවසන් වීම හේතුවෙන් මෙසේ දිවා භෝජන සංග්‍රහයක් ලබා දී තිබෙන අතර ඒ සඳහා සමගි ජන බලවේගයේ සහ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන්ද සහභාගි වී ඇත.
අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment