ප්‍රවාහන දීමනාව නොලැබීමත් වෛද්‍යවරුන් රට හැර යෑමට හේතුවක් – GMOA ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ

193

වෛද්‍යවරුන් රට හැර යෑමට බලපා ඇති කරුණු අතර ප්‍රවාහන දීමනාව ලබා නොදීම ප්‍රධාන කරුණක් වී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසීය.

වෛද්‍යවරුන් සඳහා ප්‍රවාහන දීමනාව ලබාදීම 2017 සිට මේ දක්වා සිදුවී නැති බැවින් ඒ පිළිබඳ කලකිරුණු වෛද්‍යවරුන් රට හැර යෑමෙන් දැනට වඩා වැඩි වෛද්‍ය හිඟයක් ඉදිරියේදී රෝහල්වල ඇතිවිය හැකි බව ඊයේ (31 දා) පැවැති මාධ්‍ය හමුවකදී වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසීය.

පසුගියදා ජනාධිපතිවරයා සමඟ පැවැති සාකච්ඡාවේදී මේ පිළිබඳ අවධානය යොමු වූ බවත්, වෛද්‍යවරුන්ගේ ප්‍රවාහන දීමනාව ලබාදිය යුතු බව ජනාධිපතිවරයා ද පිළිගත් බවත් හෙතෙම කියා සිටියේය.

වෛද්‍යවරුන්ට අනන්‍ය වූ වැටුප් ව්‍යුහයත්, එය වෙළෙඳපොළ වටිනාකම සහ වෛද්‍යවරුන්ගේ කාර්ය සාධනය මත සිදුවියයුතු ආකාරයත් පිළිබඳ යෝජනාවලියක් ජනාධිපතිවරයාට භාරදුන් බව ද පැවසූ හෙතෙම අනෙකුත් වෘත්තියවේදීන්ට වඩා වැඩි බදු මුදලක් වෛද්‍යවරයකුට ගෙවීමට සිදුවීම දැඩි අසාධාරණයක් බව ජනාධිපතිවරයාට පෙන්වා දුන් බව ද පැවසීය.

මෙම කරුණු සමාලෝචනය කරමින් ඉදිරි අයවැයේදී සහනදායී ලෙස වෛද්‍යවරුන්ගේ ගැටලු විසඳීමට ජනාධිපතිවරයා පොරොන්දු වූ බව ද වෛද්‍ය හරිත අලුත්ගේ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment