ශ්‍රී ලංකාව පරදවා ලෝක ශූරයන් හඬවා එංගලන්තය අවසන් පූර්ව තරගයට

212

මෙවර පන්දු වාර 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වූ අවසාන තරගය ලෙසින් පෙරේදා (05 වැනිදා) එංගලන්තයට එරෙහිව සිඩ්නිහිදී පැවැති තරගයෙන් ද කඩුළු 4ක පරාජයක් ශ්‍රී ලංකාවට උරුම විය.

ඒ සමගම මෙවර තරගාවලියේ සත්කාරක කණ්ඩායම මෙන්ම පසුගිය වර ලෝක ශූරයන් ද වූ ඔස්ටේ්‍රලියාවට අවසන් පූර්ව වරම් හිමිකර ගැනීමට තිබුණු අවස්ථාව ගිලිහී ගිය අතර එංගලන්තය අවසන් පූර්ව තරග වරම් දිනා ගත්තේය.

ශ්‍රී ලංකාව පරදවා ලෝක ශූරයන් හඬවා එංගලන්තය අවසන් පූර්ව තරගයට

ශ්‍රී ලංකා පිල එසේ එංගලන්ත තරගය පරාජයට පත් වූයේ පිට පිටම ඔවුන්ට එරෙහිව 8 වැනි වතාවට වීම කැපී පෙනෙන අතර ඔවුන්ට අවසන් පූර්ව තරග වරම් හිමිකර ගැනීම සඳහා ශ්‍රී ලංකාවට එරෙහි මෙම ජයග්‍රහණය අත්‍යවශ්‍ය විය.

සිඩ්නිහි පැවැති මෙම තරගයේදී ලකුණු 142 ක ඉලක්කයක් හඹා ගිය එංගලන්ත පිතිකරුවෝ කිසිදු කලබලයකින් තොරව එම ඉලක්කය සපුරා ගත් අතර ඒ අනුව පළමු කාණ්ඩය යටතේ නවසීලන්තය සමඟ අවසන් පූර්ව සටනට සුදුසුකම් ලැබීමට ඔවුහු සමත් වූහ.

සුපිරි කණ්ඩායම් 12 දෙනාගේ තරග වටය යටතේ නවසීලන්තය, එංගලන්තය සහ ඔස්ටේ්‍රලියාව යන කණ්ඩායම් සියල්ලම ප්‍රසාද ලකුණු 7 බැගින් ලබා සිටියද ශුද්ධ ලකුණු වේගය අවම මට්ටමක පැවැතීම හේතුවෙන් (-0.173) ඔස්ටේ්‍රලියානු පිලට ඉදිරියට යෑමට අහිමි විය.

එංගලන්තය පවර් ප්ලේ අවස්ථාවට හිමි පන්දු වාර 6 අවසන් වන විට ලකුණු 67 ක් දක්වා ලකුණු පුවරුව ඉහළ දැමීමට සමත්ව සිටියද එංගලන්ත කණ්ඩායමට එරෙහිව කැපී පෙනෙන පන්දු යැවීමක නිරත වූ ධනංජය ද සිල්වා තම පන්දු වාර 4 ලකුණු 24 කට සීමා කළේ කඩුලු 2 ක් සිය නම ඉදිරියෙන් සටහන් කර ගනිමිනි.

2014 වසරේදී ජය ගැනීමෙන් පසු මේ වන තෙක්ම විස්සයි-20 තරගයකදී එංගලන්තය පරාජය කිරීමට අපොහොසත්ව සිටින ශ්‍රී ලංකාව වෙනුවෙන් සාර්ථක ආරම්භයක් ගත් පැතුම් නිස්සංක සහ කුසල් මෙන්ඩිස් ඉතා හොඳින් පන්දුවට පහර දුන් නමුත්, අනවශ්‍ය පහරක් මෙන්ඩිස්ගේ හරහට හිටියේය. ලකුණු 18 දී මෙන්ඩිස් දැවී ගියත් තම අන්තය ආරක්ෂා කරගත් පැතුම් නිස්සංක පන්දු 45 කදී ලකුණු 67 ක් රැස්කර ගත්තේය. හයේ පහර 5 ක් සහ හතරේ පහර 2 ක් එල්ල කළ දකුණත් ආරම්භක පිතිකරුවා අදිල් රශීඩ්ගේ පන්දුවක් හමුවේ දැවී ගීයේය. තම පන්දු වාර 4 ලකුණු 16 කට නිමා කළ රශීඩ්, වටිනාම කඩුල්ල වූ පැතුම්ව දවා ගැනීම නිසා කඩුලු 3 ක් දවාගත් මාක් වුඩ්ට තරගයේ වීරයා සම්මානය ලබා ගැනීමේ අවස්ථාව අහිමිවිය.

නිස්සංකගේ පිතිකරණ විලාශය නිසා ශ්‍රී ලංකා කණ්ඩායම ඉතා හොඳ ලකුණු වේගයක් රඳවා ගැනීමට සමත් වූ නමුත් ඔහුගේ දැවී යෑම, ශ්‍රී ලංකා පිල පවත්වාගෙන ආ වේගයේ අඩුවීමට බෙහෙවින් දායක විය.

ශ්‍රී ලංකාව පන්දු වාර 20 කදී කඩුලු 8 කට ලකුණු 141 යි – (පැතුම් නිස්සංක 67, කුසල් මෙන්ඩිස් 18, භානුක රාජපක්ෂ 22, මාක් වුඩ් 26/3) එංගලන්තය පන්දු වාර 19.4 කදී කඩුලු 6 ට ලකුණු 144 යි – (ජොස් බට්ලර් 28, ඇලෙක්ස් හේල්ස් 47, බෙන් ස්ටෝක්ස් නොදැවී 42, ළහිරු කුමාර 24/2, වනිඳු හසරංග 23/2, ධනංජය ද සිල්වා 24/2)
කසුන් රණවීර ඔස්ටේ්‍රලියාවේ සිට

advertistmentadvertistment
advertistmentadvertistment