රටේම වියළි කාලගුණයක්: වැව් 6000ක් සිඳී යයි

124

උතුර, උතුරු මැද සහ නැගෙනහිර පළාත් ඇතුළු දිවයිනේ තවත් ප්‍රදේශ කිහිපයකට දැඩි වියළි කාලගුණ තත්ත්වයක් වාර්තා වී ඇත.

මේ හේතුවෙන් වැසි ජලයෙන් පෝෂණය වන වැව් 60,000 ක් පමණ සිඳී යමින් පවතින බවට වාර්තා වේ. විශේෂයෙන් අනුරාධපුරය, පොළොන්නරුව හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල වැව් රැසක ජල මට්ටම දැඩි ලෙස පහළ ගොස් ඇත. උඩවලව ජලාශයේ ජල මට්ටම ද සැලකිය යුතු ලෙස පහළ ගෙස් තිබේ. මේ හේතුවෙන් වගාකර ඇති කුඹුරු අක්කර 50,000 කට වැඩි ප්‍රමාණයකට ජලය සපයා ගැනීමේ දුෂ්කරතා මතු වී තිබේ.

උඩවලව ජලාශයේ ජල මට්ටම වැඩිකර ගැනීම සඳහා සමනළ වැවේ ජලය නිකුත් කළහොත් දකුණු පළාත තුළ පැය කිහිපයක් විදුලිය කප්පාදු කිරීමට සිදුවිය හැකි බව විදුලි ඉංජිනේරුවෝ පවසති.

පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් ඉදිරි මහ කන්නය අසාර්ථක වුවහොත් රට තුළ ආහාර හිඟයක් ඇතිවීමේ අවදානමක් පවතින බව කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා අඟුණුකොළපැළැස්ස ප්‍රදේශයේ ගෙවතු වැඩසටහනකට එක්වෙමින් පැවසීය. කෙටි කාලයක් විදුලිය කප්පාදු කර හෝ ගොවිතැනට ජලය ලබාදිය යුතු බව ද ඒ මහතා කියා සිටියේය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment