නවීනතම OPPO A78 ස්මාට් ජංගම දුරකථනය හඳුන්වාදෙයි

93

OPPO Sri Lanka සමගින් Abans සමාගම එක්ව නවතම A Series කාණ්ඩයට අයත් නිෂ්පාදනය වන OPPO A78 ස්මාට් ජංගම දුරකථනය වෙළෙඳපොළට හඳුන්වා දී ඇත.

නවීන තාක්‍ෂණයෙන් සහ හැඩකාර නිමාවෙන් යුතු OPPO A78 ස්මාට් ජංගම දුරකථනය පාරිභෝගිකයින් වෙත සුපිරි අත්දැකීමක් ලබා දෙන නිෂ්පාදනයකි.

පසුගියදා කොළඹ, ගලදාරී හෝටලයේ පැවති උත්සවයක දී OPPO A78 ස්මාට් ජංගම දුරකථනය මුල් වරට දේශීය වෙළෙඳපොළට හඳුන්වාදෙන ලදී.

OPPO A78 ස්මාට් ජංගම දුරකථනයේ විශේෂත්වය වන්නේ 5000mAh බැටරිය සමග වේගවත්ව චාජ් කිරීමට උපකාරී වන 67W SUPERVOOC™ විශේෂාංගයයි. OPPO A78 ස්මාට් ජංගම දුරකථනය මිනිත්තු 44 ක් ඇතුළත 100% ක් චාජ් කළ හැකි අතර Flight Mode එකේ දී දින 27.4 ක් Standby තබා ගනිමින්ද, YouTube Video Play කරමින් පැය 16.37 ක් තබා ගැනීමටද හැකියාව ඇත. මෙය ඉතා ආරක්‍ෂිතව චාජ් කළ හැකි අතර බැටරිය චාජ් සහ ඩිස්චාජ් වාර ගණන 1,600 ක් දක්වා පවත්වා ගනිමින් උපරිම ක්‍රියාකාරීත්වයක් සහිතව වසර 4 ක් දක්වා භාවිතා කළ හැක. එමෙන්ම 5-Layer Charging Protection මගින් මෙහි සුරක්‍ෂිතබව තහවුරු කරයි.

A78 ස්මාට් ජංගම දුරකථනය පළමු පෙළ FHD+ AMOLED Display එකකින් සමන්විත වන අතර 90Hz ක Refresh Rate එකකින් සුපිරි දසුන් තිරය මත පතිත කරයි. Dual Stereo ස්පීකර් වලින් මුදා හැරෙන 3.0 Real HD සවුන්ඩ් සුපිරිතම ශ්‍රව්‍ය අත්දැකීමක් ඔබ වෙත සමීප කරවයි. අවට පරිසරයේ ශබ්ද වැඩියෙන් ඇත්නම් Ultra-Volume Mode එක හරහා ශබ්දය 200% කින් වැඩි කර කථා කළ හැක. මෙහි ප්‍රධාන කැමරාව 50MP වන අතර සුපිරි වීඩියෝ අත්දැකීමක් ලබා ගැනීම සඳහා පටිගත කිරීමේ දී ඉදිරිපස කැමරාව සහ පසුපස කැමරාව යන දෙකම එකවර ක්‍රියාත්මක කිරීමේ හැකියාව ඇත. Snapdragon 680 Mobile Platform එකෙන් සවිබල ගැන් වී ඇති මෙය 8GB RAM + 256GB ROM එකෙන් මෙන්ම 1TB දක්වා පුළුල් කිරීමේ හැකියාවෙන්ද යුක්තයි. මෙහි ඇති RAM එක පුළුල් කිරීමට ඇති හැකියාව නිසා ක්‍රියාකාරකම් රැසක බහුලව භාවිතා වීමේ දී පවා සුමට ක්‍රියාකාරීත්වයක් ලබා දෙන අතර Dynamic Computing Engine එකෙන් App විවෘත වීමේ වේගය 1.42% දක්වා වැඩි කිරීමට සමත්වෙයි.

advertistmentadvertistment
advertistmentadvertistment